යක්ෂයා නැවතත් ඉතා උස් කන්දකට උන්වහන්සේ පමුණුවා, ලොව සියලු රාජ්‍යයන් ද ඒවායේ ශෝභාලංකාරය ද උන්වහන්සේට පෙන්වා,
1 යොහන් 2:16 - සිංහල කාලීන පරිවර්තනය මන්ද මාංසික තෘෂ්ණා, ඇස පිනවන ආශා හා තමන් සන්තක දෑ ගැන උඩඟුව යන දෑ පියාණන්වහන්සේගෙන් නො වේ; ලෝකයෙන් ය. Sinhala New Revised Version මන්ද, ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, කාමරාගයත්, මාංසික තෘෂ්ණාවත්, අහංකාරකමත් ඇතිවන්නේ පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් ය. Sinhala New Revised Version 2018 මන්ද, ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, කාමරාගයත්, මාංසික තෘෂ්ණාවත්, අහංකාරකමත් ඇතිවන්නේ පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් ය. Sinhala Revised Old Version මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ. |
යක්ෂයා නැවතත් ඉතා උස් කන්දකට උන්වහන්සේ පමුණුවා, ලොව සියලු රාජ්‍යයන් ද ඒවායේ ශෝභාලංකාරය ද උන්වහන්සේට පෙන්වා,
එහෙත් මා ඔබට කියන්නේ, ස්ත්‍රියක දෙස රාගයෙන් බලන කවරකු වුව, ඒ වන විටත්, තම හදවතින් ඇය හා පරදාර සේවනයේ යෙදී ඇති වගයි.
ඒ හැර, මාංසයේ තෘෂ්ණා පිනවීමට ඉඩ සලසන්නේ නැතිව, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පැලඳ ගන්න.
මන්ද මාංසයේ ආශා, ආත්මයාණන්වහන්සේට විරුද්ධ ය; ආත්මයාණන්, මාංසයේ ආශාවනට විරුද්ධ ය. මේ දෙපාර්ශ්වය අතර ඇති ප්‍රතිවිරෝධය, ඔබ කැමති දේ කිරීමෙන් ඔබ වළක්වයි.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේට අයිති වූවෝ, තම මාංසය, එහි තෘෂ්ණා හා ආශා සමඟින් කුරුසියේ තබා ඇණ ගැසූහ.
කලක් අපි සැවොම, අපගේ මාංසික තෘෂ්ණා සන්තර්පණ කරමින් ද ගතේ හා සිතේ ආශාවල ගැලෙමින් ද ඒ අය අතරේ පැවතුණෙමු. මෙසේ සෙසු අය මෙන් අපි ද ස්වභාවයෙන්ම උදහසේ පුත්‍රයින්ව සිටියෙමු.
මේ වත්මන් යුගයේ දේව අභක්තිය හා ලෞකික ආශා පිටුදැකීමට පුහුණුව ලබමින්, සංයමයෙන්, යුක්ති ගරුකව හා දේව භක්තියෙන් යුතුව ජීවත් වන පිණිස,
කලක් අපත් අනුවණව හා අකීකරුව, මුළා වී, සියලු ආකාර ආශා හා තෘෂ්ණාවනට වහල්ව ඊර්ෂ්‍යාවෙන් යුතුව අපගේ දවස් ගත කළෙමු.
ප්‍රේමණීයයනි, විදේශීන් හා ආගන්තුකයින් වූ ඔබගෙන් මා උදක්ම ඉල්ලා සිටින්නේ ඔබේ ජීවයට එරෙහිව යුද වදින මාංසික තෘෂ්ණාවන්ගෙන් වැළකී සිටින ලෙසයි.
විශේෂයෙන් මෙය බලපාන්නේ පාපී ස්වභාවයේ දූෂිත රාග තෘෂ්ණාවල යෙදෙන්නාවූත්, ආධිපත්‍යයට නිග්‍රහ කරන්නාවූත් අයට ය. බිය සැක නැති මේ හිතුවක්කාර මිනිස්සු ශ්‍රේෂ්ඨයින්ට එරෙහිව නින්දා අපහාස කරන්නට වුව බය නො වෙති.
මන්ද වරදෙහි ගැලෙන්නවුන් වෙතින් මිදී ආ නවකයින් වෙත හිස් වචන ද පුරාජේරු කතා හා පවිටු මිනිස් ස්වභාවේ රාගික පෙලඹවීම් ද පානා ඔවුහු,