1 තෙසලෝනික 2:7 - සිංහල කාලීන පරිවර්තනය ඔබ ගැන අප කටයුතු කළේ මෘදු අන්දමිනි. ඒ, කිරිමවක ඇගේම දරුවන් සෙනෙහසින් රැක බලාගන්නා සේ ය. Sinhala New Revised Version ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතයන් මෙන් එසේ සෙවීමට අපට අයිතියක් තිබුණ නමුත් අපි එසේ නොකෙළෙමු. කිරි මවක් සිය දරුවන් මෘදු ලෙස පෝෂණය කරන්නාක් මෙන් අපි ඔබ අතරෙහි මෘදු ලෙස සිටියෙමු. Sinhala New Revised Version 2018 ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුළුවරුන් මෙන් එසේ සෙවීමට අපට අයිතියක් තිබුණ නමුත් අපි එසේ නොකෙළෙමු. කිරි මවක් සිය දරුවන් මෘදු ලෙස පෝෂණය කරන්නාක් මෙන් අපි ඔබ අතරෙහි මෘදු ලෙස සිටියෙමු. Sinhala Revised Old Version එසේ නොව, කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව. |
දුබලයින් දිනා ගන්න පිණිස, දුබලයින්ට මම දුබලයකු වීමි. යම් යම් අය කවර අයුරකින් හෝ ගැලවීමට පැමිණෙන පිණිස, මම සියලු දෙනාට සියල්ල වුණෙමි.
ඔබ හා මුහුණට මුහුණ හමු වූ කල යටහත් වූ, එහෙත් ඈත්ව සිටියදී ඔබ කෙරේ එඩිතර මම, පාවුල්, ක්‍රිස්තුස්වහන්සේගේ මෘදු ගුණයෙන් හා විනීතභාවයෙන් යුතුව ඔබගෙන් අයැදීමක් කරමි.
මන්ද උන්වහන්සේ දුබලතාවෙන් යුතුව කුරුසිපත් කරන ලද නමුදු, දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත් වන සේක. එලෙස අපත්, උන්වහන්සේ තුළ දුර්වල වුව ද, උන්වහන්සේ සමඟ දෙවියන්වහන්සේගේ බලයෙන් යුතුව ඔබ උදෙසා ජීවත් වන්නෙමු.
මා ප්‍රිය දරුවනි, ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ හැඩගැස්වෙන තෙක් ඔබ උදෙසා මම යළිත් ප්‍රසව වේදනා විඳිමි.
එහෙත් ඉහළින් එන ප්‍රඥාව පළමු කොට පවිත්‍ර ය; ඊ ළඟට සාමකාමී ය; මෘදු ය; විවෘත ය; දයාවෙන් හා යහපත් පලයෙන් පූර්ණ ය; අපක්ෂවාදී ය; අවංක ය.