ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 7:28 - සිංහල කාලීන පරිවර්තනය

එහෙත් ඔබ විවාහ වුවත්, එය පාපයක් නො වේ. තවද කන්‍යා ස්ත්‍රියක් විවාහ වුවත්, එය පාපයක් නො වේ. එහෙත් විවාහ වන්නන්ට ලෞකික කරදර ඇති වේ. මා කරන්නේ ඔබ ඉන් වැළැක්වීමයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් ඔබ විවාහ වූවත් එයින් ඔබට පාපයක් නැත. කන්‍යාවක විවාහ වූවත් එයින් ඇයට පාපයක් නැත. එසේ වුව ද එවැනි අයට මේ ලෝකයෙහි දුක් විපත් ඇති වන්නේ ය. මම ඔබ ඒවායින් වළක්වාලීමට කැමැත්තෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් ඔබ විවාහ වූවත් එයින් ඔබට පාපයක් නැත. කන්‍යාවක විවාහ වූවත් එයින් ඇයට පාපයක් නැත. එසේ වුව ද එවැනි අයට මේ ලෝකයෙහි දුක් විපත් ඇති වන්නේ ය. මම ඔබ ඒවායින් වළක්වාලීමට කැමැත්තෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙත් විවාහවුවත් එයින් නුඹට පාපයක් නැත; කන්‍යාවක්ද විවාහවුවත් එයින් ඈට පාපයක් නැත. එසේවී නුමුත් එබන්දන්ට මාංසයෙහි දුක් ඇතිවන්නේය. මම නුඹලා එයින් වලක්වන්ට කැමැත්තෙමි.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 7:28
7 හුවමාරු යොමු  

එහෙත් මා ඔබට කියන්නේ, ලිංගික අනාචාරයකදී හැර, තම භාර්යාව අත්හැර දමන කවරකු වුව, පරදාර සේවනයට ඇය යොමු කරවන වගයි. අත්හැර දමන ලද ස්ත්‍රියක ආවාහ කරගන්නා තැනැත්තා ද පරදාර සේවනයේ යෙදෙයි.


වත්මන් අර්බුදකාරී තත්වය හමුවේ, කෙනෙක් දැන් සිටින අයුරින්ම සිටීම යෙහෙකැයි මම සිතමි.


ඔබ භාර්යාවකට බැඳී සිටී ද? නිදහස් වන්නට නො සොයන්න. ඔබ භාර්යාවකගෙන් නිදහස් ද? භාර්යාවක නො සොයන්න.


සහෝදරයිනි, මා අදහස් කරන්නේ මෙයයි. ඉතිරි වී ඇති කාලය කෙටි ය. භාර්යාවන් ඇති අය මෙතැන් පටන් භාර්යාවන් නැත්තන් මෙන් වෙසෙත්වා.


යළිත් මා කොරින්තිය වෙත පැමිණීමෙන් වැළකුණේ, ඔබගේ සිත් නො රිදවීමට බැව් සාක්ෂි දීමට මම දෙවියන්වහන්සේට හඬ ගසමි.


විවාහය, සියලු දෙනා අතරේ ගෞරවයෙන් සලකනු ලබත්වා. විවාහ යහන දූෂ්‍ය නො වෙත්වා; මන්ද ලිංගික අනාචාරීන් හා පරදාරිකයින් දෙවියන්වහන්සේ විනිශ්චය කරනු ඇත.