“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.
1 කොරින්ති 15:27 - සිංහල කාලීන පරිවර්තනය දෙවියන්වහන්සේ, “සියලු දේම එතුමාණන්ගේ පයට යටත් කළ සේකැ” යි ශුද්ධ ලියවිල්ල පවසයි. එහෙත්, උන්වහන්සේගේ පයට සියලු දේම යටත් කළ තැනැන්වහන්සේ, ඒ “සියලු දේම” යන්නට ඇතුළත් නො වන බැව් පැහැදිලි ය. Sinhala New Revised Version කුමක් නිසා ද, ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි: “දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට සියල්ල යටත් කළ සේක.” “සියල්ල යටත් කරනු ලැබී ය”යි කීමෙන් ‘සියල්ල’ යන්නට දෙවියන් වහන්සේ අඩංගු නැති බව පැහැදිලි ය. එසේ කියන්නේ, ක්‍රිස්තුන් වහන්සේට සියල්ල යටත් කරන්නේ දෙවියන් වහන්සේ බැවිනි. Sinhala New Revised Version 2018 කුමක් නිසා ද, ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි: “දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට සියල්ල යටත් කළ සේක.” “සියල්ල යටත් කරනු ලැබී ය”යි කීමෙන් ‘සියල්ල’ යන්නට දෙවියන් වහන්සේ අඩංගු නැති බව පැහැදිලි ය. එසේ කියන්නේ, ක්‍රිස්තුන් වහන්සේට සියල්ල යටත් කරන්නේ දෙවියන් වහන්සේ බැවිනි. Sinhala Revised Old Version මක්නිසාද දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පාදවලට සියල්ල යටත්කළසේක. එහෙත්: සියල්ල යටත්කරනු ලැබුවේයයි උන්වහන්සේ කියන කල, සියල්ල උන්වහන්සේට යටත්කළ තැනන්වහන්සේ අයත් නැති බව පැහැදිලිය. |
“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.
පියාණන්වහන්සේ සියලු දේ තම අත්වලට දී ඇති වගත්, තමන් දෙවියන්වහන්සේ වෙතින් පැමිණි වගත්, දෙවියන්වහන්සේ වෙත ආපසු යන වගත් දත් යේසුස්වහන්සේ,
ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, ස්වර්ගීක බලමණ්ඩලයන්හි ස්වකීය දකුණු පස එතුමාණන් හිඳුවමින්, ක්‍රියාත්මක කළ බලයම ය.
තවද සියලු දේම ක්‍රිස්තුස්වහන්සේගේ පාදයන්ට යටත් කළ දෙවියන්වහන්සේ සභාව උදෙසා සියලු දේහි ප්‍රධාන තැනැත්තාණන් ලෙස උන්වහන්සේ නියම කළ සේක.
කවර දේව දූතයකුට උන්වහන්සේ කවදා මෙසේ පැවසූ සේක් ද? “මා, ඔබගේ සතුරන්, ඔබේ පයට පා පුටුවක් කරදෙන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්න.”
එහෙත්, පාප උදෙසා සදහට ම එක් යාගයක් පිදූ මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත් සේක.
සියලු දේම ඔහුගේ පයට යටත් කරමිනි” යනුවෙනි. උන්වහන්සේ සියල්ල උන්වහන්සේගේ පයට යටත් කළ සේක්, උන්වහන්සේ යටතට පත් නො කළ කිසිවක්ම නැත. එහෙත් හැම දෙයක්ම උන්වහන්සේට යටත්ව ඇති වග තවමත් අපට නො පෙනේ.
උන්වහන්සේ ස්වර්ගයට පිවිස, දේව දූතයින් ද අධිපතීන් ද බලධාරීන් ද උන්වහන්සේට යටත් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටින සේක.
ජීවමාන තැනැත්තාණන් මමයි; මම මැරුණෙමි, එහෙත් මෙන්න, මම සදහට ම ජීවත්ව සිටිමි! තවද මරණයේ හා පාතාලයේ යතුරු ඇත්තේ මා ළඟයි.