මා ළමයකුව සිටියදී, මා කතා කළේ ළමයකු ලෙසිනි; මා සිතුවේ ළමයකු ලෙසිනි; තර්ක කළේ ළමයකු ලෙසිනි. මා මිනිසකු වූ කල, ඒ ළමා ගති මම අත්හැර දැමුවෙමි.
1 කොරින්ති 13:10 - සිංහල කාලීන පරිවර්තනය සම්පූර්ණත්වය පැමිණි කල, අසම්පූර්ණත්වය පහ වී යන්නේ ය. Sinhala New Revised Version සම්පූර්ණ දේ පැමිණි විට, අසම්පූර්ණ දේ පහ ව යන්නේ ය. Sinhala New Revised Version 2018 සම්පූර්ණ දේ පැමිණි විට, අසම්පූර්ණ දේ පහ ව යන්නේ ය. Sinhala Revised Old Version නුමුත් සම්පූර්ණ එක පැමුණුණාම මඳක්ව තිබෙන දේ නැතිවන්නේය. |
මා ළමයකුව සිටියදී, මා කතා කළේ ළමයකු ලෙසිනි; මා සිතුවේ ළමයකු ලෙසිනි; තර්ක කළේ ළමයකු ලෙසිනි. මා මිනිසකු වූ කල, ඒ ළමා ගති මම අත්හැර දැමුවෙමි.
දැන් අපට පෙනෙන්නේ කැඩපතකින් අපැහැදිලිව ය. පසුව අපි මුහුණට මුහුණ ලා දකින්නෙමු. දැන් මා දන්නේ කොටසක් ය. එහෙත් පසුව මා සම්පූර්ණයෙන් දැනගන්නේ, මා මුළුමනින්ම දැන සිටියාක් මෙනි.
මේ දෑ මා අත්කර ගෙන සිටිනවා නො වේ. පරිපූර්ණත්වයට පමුණුවනු ලැබ සිටිනවාත් නො වේ. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලා ගත්තේ කුමක් සඳහා ද, ඒ දෑ අල්ලා ගැනීමට වැර දරමින් සිටිමි.