අත අමතා, “නුඹ මට ඕනෑ නැතැ” යි කියන්නට ඇසටවත්, පාද අමතා, “නුඹලා මට ඕනෑ නැතැ” යි කියන්නට හිසටවත් නුපුළුවන.
1 කොරින්ති 12:22 - සිංහල කාලීන පරිවර්තනය සැබවින් ම, සිරුරේ දුබලයයි පෙනෙන අවයව අත්‍යවශ්‍ය වෙයි. Sinhala New Revised Version සැබැවින් ම, ශරීරයේ දුර්වල යයි සලකන අවයව අත්‍යවශ්‍ය වේ. Sinhala New Revised Version 2018 සැබැවින් ම, ශරීරයේ දුර්වල යයි සලකන අවයව අත්‍යවශ්‍ය වේ. Sinhala Revised Old Version එසේය, ශරීරයේ වඩා ඕනෑකරන්නේ වඩා දුර්වලව පෙනෙන අවයවයෝය. |
අත අමතා, “නුඹ මට ඕනෑ නැතැ” යි කියන්නට ඇසටවත්, පාද අමතා, “නුඹලා මට ඕනෑ නැතැ” යි කියන්නට හිසටවත් නුපුළුවන.
ගරුත්වයෙන් අඩු යයි අප සලකන අවයවවලට අපි වඩා ගරුත්වයක් දෙන්නෙමු. තවද අපගේ ශරීරයේ ශෝභාව නැති කොටස්වලට අප මහත් අවධානයක් දක්වතත්,
බොහෝ දෙනකුගේ යාච්ඤා මඟින් අපට ප්‍රදාන කරන ලද ආශිර්වාද ගැන, අප හේතු කොට බොහෝ දෙනකු ස්තුති කරන පිණිස, ඔබත් යාච්ඤාවෙන් අපට උපකාර කළ යුතු ය.