1 කොරින්ති 12:16 - සිංහල කාලීන පරිවර්තනය තවද, “මා ඇසක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි කන කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත. Sinhala New Revised Version එසේ ම කණ: “මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. Sinhala New Revised Version 2018 එසේ ම කණ: “මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. Sinhala Revised Old Version කන: මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමියි කීවත් ඒ නිසා ශරීරයට අයිති නොවන්නේ නොවේ. |
මට දෙන ලද අනුග්‍රහයට අනුව ඔබ හැම කෙනකුටම මා කියන්නේ, යුතු පමණට වඩා තමන් ගැන උතුම් කොට නො සිතා, දෙවියන්වහන්සේ ඔබට බෙදා දෙන ලද ඇදහිල්ලේ ප්‍රමාණයට අනුව, මධ්‍යස්ථ නිගමනයක සිට, තමන් ගැන සිතන්න කියා ය.
“මා අතක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි පාදය කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත.
මුළු ශරීරය ඇසක් වී නම්, ඇසීම දැනෙන්නේ කොතැනකට ද? මුළු ශරීරය කනක් වී නම් ගඳ-සුවඳ විඳින්නේ කොතැනින් ද?
ආත්මාර්ථයෙන් හා පුහු මානයෙන් කිසිවක් නො කරන්න. නිහතමානීව, තමනට වඩා අන් අය, උතුම් කොට සලකන්න.