යේසුස්වහන්සේ ඇය අමතමින්, “දෙවියන්වහන්සේ ඔබට පිළිගන්වන දීමනාව කුමක් ද කියාත්, ඔබෙන් දිය ඉල්ලන්නේ කවුරුන් ද කියාත් ඔබ දැන සිටියා නම්, ඔහුගෙන් ඉල්ලන්නේ ඔබයි. එවිට ඔහු ඔබට ජීවන දිය දෙන්නට තිබුණා” යි කී සේක.
1 කොරින්ති 10:4 - සිංහල කාලීන පරිවර්තනය එකම ආත්මික පානය බීවෝ ය. මන්ද ඔවුන් බීවේ තමන් හා එක්ව ගමන් කළ ආත්මික පර්වතයෙනි; ඒ පර්වතය ක්‍රිස්තුස්වහන්සේ ය. Sinhala New Revised Version සියල්ලෝ ම එක ම අමා පැන් පානය කළහ. ඔවුන් පානය කෙළේ ඔවුන් කැටුව ගිය දිව්‍ය පර්වතයකින් ය. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේ ය. Sinhala New Revised Version 2018 සියල්ලෝ ම එක ම අමා පැන් පානය කළහ. ඔවුන් පානය කෙළේ ඔවුන් කැටුව ගිය දිව්‍ය පර්වතයකින් ය. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේ ය. Sinhala Revised Old Version සියල්ලන්ම එම ආත්මික බීම බී බවත්, නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. මක්නිසාද ඔව්හු තමුන් අනුව ගියාවූ ආත්මික පර්වතයකින් බීවෝය. ඒ පර්වතය නම් ක්‍රිස්තුස්වහන්සේය. |
යේසුස්වහන්සේ ඇය අමතමින්, “දෙවියන්වහන්සේ ඔබට පිළිගන්වන දීමනාව කුමක් ද කියාත්, ඔබෙන් දිය ඉල්ලන්නේ කවුරුන් ද කියාත් ඔබ දැන සිටියා නම්, ඔහුගෙන් ඉල්ලන්නේ ඔබයි. එවිට ඔහු ඔබට ජීවන දිය දෙන්නට තිබුණා” යි කී සේක.
එනමුත්, මා දෙන දිය බොන කෙනකුට නැවත පිපාසය ඇති නො වේ. මා දෙන දිය බොන ඇත්තන් තුළ සදාතන ජීවන උල්පත් මැවෙන්නේ යැ” යි පැවසූ සේක.
මංගල්‍යයේ අවසාන දවස වන වැදගත්ම දවසේ නැගී සිටි යේසුස්වහන්සේ මහ හඬින් කතා කරමින්, “යම් කෙනකුට පිපාස ද, ඔහු මා වෙත ඇවිත් පානය කරත්වා!
හාගර් අරාබියේ සීනයි කන්ද ය; ඕ වත්මන් යෙරුසලමට අනුරූපීව, ඇගේ දරුවන් සමඟ වහල්බවෙහි සිටින්නී ය.
දහම් නීතිය, මතු පැමිණෙන හොඳ දේවල ඡායාවක් මිස, ඒවායේ යථා තත්වය නො වන බැවින්, වසරක් පාසා යළි යළිත් ඔප්පු කරන එකම විදියේ පූජාවලින්, ළඟාවන්නන් සම්පූර්ණත්වයට ගෙන ඒමට ඊට කොහෙත්ම නුපුළුවන.
ආත්මයාණන්වහන්සේ ද මනාලී ද “එන්නැ” යි කියති. අසන තැනැත්තා ද “එන්නැ” යි කියත්වා! පිපාසිත ඇත්තා එත්වා! කැමැත්ත ඇත්තා ජීවනයේ දිය නොමිලයේ අරගනිත්වා!