1 කොරින්ති 10:30 - සිංහල කාලීන පරිවර්තනය මා භුක්ති විඳින්නේ ස්තුති දීම සමඟ නම්, මා ස්තුති දෙන දේ මා හෙළා දකින්නේ කුමට ද? Sinhala New Revised Version මම ස්තුති දී වළඳන්නෙම් නම් එසේ ස්තුති දී වළඳන දේ ගැන මට දොස් තබන්නේ මන් ද? Sinhala New Revised Version 2018 මම ස්තුති දී වළඳන්නෙම් නම් එසේ ස්තුති දී වළඳන දේ ගැන මට දොස් තබන්නේ මන් ද? Sinhala Revised Old Version මම ස්තුති දීමෙන් කන්නෙම් නම්, මා ස්තුති දෙන්නාවූ ඒ දේ ගැන මක්නිසා අපහාසකරනු ලබම්ද? |
දවසක් උතුම් යයි සලකන්නා එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. අනුභව කරන තැනැත්තා ඒ ගැන දෙවියන්වහන්සේට ස්තුති දෙන බැවින්, අනුභව කරන්නේ ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. යම් කෑමකින් වැළකී සිටින්නා ද ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා එසේ වැළකී සිටිමින්, දෙවියන්වහන්සේට ස්තුති කරයි.
මා නිදහස් කෙනෙක් නො වේ ද? මා අපෝස්තුලුවරයෙක් නො වේ ද? මා, යේසුස් අප ස්වාමින්වහන්සේ දුටුවේ නැති ද? ස්වාමින්වහන්සේ තුළ මගේ නිර්මාණය ඔබ නො වෙත් ද?