එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට වූ මාගේ සේවය ගැන ආඩම්බර වීමට හේතු මට ඇත.
1 කොරින්ති 1:29 - සිංහල කාලීන පරිවර්තනය එසේ කර ඇත්තේ, කිසිවකුට හෝ දෙවියන්වහන්සේ ඉදිරියේ පුරසාරම් දොඩන්නට නො හැකි වන පරිද්දෙනි. Sinhala New Revised Version එසේ කෙළේ කිසිවෙකු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පාරට්ටු කර නොගන්නා පිණිස ය. Sinhala New Revised Version 2018 එසේ කෙළේ කිසිවෙකු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පාරට්ටු කර නොගන්නා පිණිස ය. Sinhala Revised Old Version එසේ කළේ කොයි මනුෂ්‍යයෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පාරට්ටුකර නොගන්නා පිණිසය. |
එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට වූ මාගේ සේවය ගැන ආඩම්බර වීමට හේතු මට ඇත.
දැන් අප දන්නා පරිදි, හැම කටක්ම වහන පිණිස හා මුළු ලෝකයම දෙවියන්වහන්සේට ගණන් දිය යුතු වන පිණිස, දහම් නීතියේ යම් දෙයක් කියයි ද ඒ දෑ කියන්නේ, ඒ නීතිය යටතේ සිටින්නන්ට ය.
එසේ නම් අපගේ පුරසාරම කොහේ ද? එය ඉවත් කරනු ලැබ ඇත. ඒ කවර නීතියකින් ද? ක්‍රියාවල නීතියකින් ද? නැත! ඇදහිල්ලේ නීතියෙනි.
මන්ද ආබ්‍රහම් ධර්මිෂ්ඨ කරන ලද්දේ ක්‍රියා මඟින් නම් පාරට්ටු කර ගැනීමට හේතුවක් ඔහුට තිබිණ. එහෙත් දෙවියන්වහන්සේ ඉදිරියේ නො වේ.
එබැවින් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් පරිදි, “පුරසාරම් කියන්නා, ස්වාමින්වහන්සේ ගැන පුරසාරම් කියත්වා.”
මන්ද ඔබ තුළ යම් වෙනසක් දකින්නේ කවුරු ද? ඔබට දෙන ලද දේ හැරෙන්නට ඔබට ඇත්තේ මොනවා ද? එසේ එය ඔබට දෙන ලද්දේ නම්, එය නො ලද සේ පුරසාරම් දොඩන්නේ ඇයි?