හෙබ්‍රෙව් 9:21 - Sinhala Revised Old Version එසේම මණ්ඩපයටත් සේවයේ සියලු භාජනවලටත් ඔහු ලේ ඉස්සේය. Sinhala New Revised Version එසේ ම ඔහු මණ්ඩපයටත්, සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේ ය. සිංහල කාලීන පරිවර්තනය තවද ඔහු කූඩාරමටත්, නමස්කාරය සඳහා වූ භාවිතයට ගැනෙන සියලු භාජනවලටත් ලේ ඉස්සේ ය. Sinhala New Revised Version 2018 එසේ ම ඔහු මණ්ඩපයටත්, සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේ ය. |
තවද උගේ ලෙයින් ස්වල්පයක් ගෙන නුඹේ ඇඟිල්ලෙන් පූජාසනයේ අංවල ගා ලේ සියල්ල පූජාසනය මුල වත්කරන්න.
එවිට නුඹ බැටළුවා මරා උගේ ලෙයින් ස්වල්පයක් ගෙන ආරොන්ගේ දකුණු කනේ කෙළවරද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් කෙළවරද ඔවුන්ගේ දකුණු අත්වල මාපට ඇඟිලිවලද දකුණු පාදවල මාපට ඇඟිලිවලද ගා ලේ පූජාසනය පිට වටකරින් ඉසින්න.
නුඹ සමඟිකිරීම පිණිස පාප පූජාවේ ගොනා හැමදාම පූජාකළ යුතුය. පූජාසනය උදෙසා සමඟිකමක් කරන විට ඒක පවිත්‍ර කරන්න; ඒක විශුද්ධකරන පිණිස ඒක ආලේප කරන්න.
ආලේප තෛලය ගෙන මණ්ඩපයද එහි ඇති සියල්ලද ආලේපකොට ඒකද ඒකේ සියලු බඩුද විශුද්ධකරන්න. එවිට එය ශුද්ධවන්නේය.
ඔහු ඌ මැරීය; මෝසෙස් ලේ රැගෙන පූජාසනයේ අං වටේ තමාගේ ඇඟිල්ලෙන් ගා පූජාසනයේ දෝෂය පහකොට පූජාසනය මුල ලේ වත්කර එය උදෙසා සමගිකමක් කරන පිණිස එය විශුද්ධ කෙළේය.
ඔහු සෙනඟ උදෙසා වූ ශාන්ති පූජාව වන ගොනාත් බැටළුවාත් මැරුවේය. ආරොන්ගේ පුත්‍රයෝද ඔහුට ලේ අරන් දුන්නෝය, ඔහු ඒවා පූජාසනය පිට හාත්පසින් ඉස්සේය.