ඔවුන්ට ආචාරකොට: දෙවියන්වහන්සේ කැමතිසේක් නම් නුඹලා ළඟට නැවත එන්නෙමියි කියා එපීසයෙන් නැව් නැගුණේය.
හෙබ්‍රෙව් 6:3 - Sinhala Revised Old Version දෙවියන්වහන්සේ ඉඩදෙනසේක් නම්, අපි එසේ කරන්නෙමුව. Sinhala New Revised Version දෙවියන් වහන්සේ කැමැති සේක් නම් අපි එසේ කරමු. සිංහල කාලීන පරිවර්තනය දෙවියන්වහන්සේ වර දෙන සේක් නම්, අපි එසේ කරන්නෙමු. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ කැමැති සේක් නම් අපි එසේ කරමු. |
ඔවුන්ට ආචාරකොට: දෙවියන්වහන්සේ කැමතිසේක් නම් නුඹලා ළඟට නැවත එන්නෙමියි කියා එපීසයෙන් නැව් නැගුණේය.
නුඹලා මා උදෙසා දෙවියන්වහන්සේට කරන නුඹලාගේ යාච්ඤාවලදී මා සමඟ බලවත්ලෙස වීර්යකරන හැටියට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසාද ආත්මයාණන්වහන්සේගේ ප්‍රේමය නිසාද නුඹලාගෙන් ඉල්ලමි.
මා දැන් යන ගමනේදී නුඹලා දකින්ට නොකැමැත්තෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ අවසර දෙනසේක් නම්, නුඹලා සමඟ කලක් සිටින්ට බලාපොරොත්තුවෙමි.
නුමුත් ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම් මම නුඹලා ළඟට වහාම ඇවිත්, උඩඟුවූවන්ගේ කථාව නොව ඔවුන්ගේ බලය දැනගන්නෙමි.
මක්නිසාද වරක් ආලෝකකරනු ලැබුවාවූ, ස්වර්ගීය දීමනාවේ රසය වින්දාවූ, ශුද්ධාත්මයාණන්වහන්සේට පංගුකාරයන් වුණාවූ,
එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි නුඹලා විසින් කිය යුතුය.