හෙබ්‍රෙව් 12:12 - Sinhala Revised Old Version එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවිකරගන්න. Sinhala New Revised Version එබැවින් පහතට වැටී ඇති අත් ද දුබල දණහිස් ද ශක්තිමත් කරගන්න. සිංහල කාලීන පරිවර්තනය එබැවින් එල්ලා වැටෙන ඔබගේ අත් ඔසවා, පණ නැති දණිස් ශක්තිමත් කරගන්න. Sinhala New Revised Version 2018 එබැවින් පහතට වැටී ඇති අත් ද දුබල දණහිස් ද ශක්තිමත් කරගන්න. |
නුඹ සුසුම්ලන්නේ මක්නිසාදැයි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ආරංචිය නිසාය, මක්නිසාද එය පැමිණෙන්නේය. සියලු සිත් දියවෙන්නේය, සියලු අත් හෙලාවැටෙන්නේය, සියලු ආත්ම ක්ලාන්තවන්නේය, සියලු දණහිස් දිය මෙන් බෙලහීනවන්නේය. බලව, එය පැමිණෙන්නේය, එය සිදුවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
එකල රජුගේ මුහුණේ පාට වෙනස්විය, ඔහු තමාගේ සිතිවිලිවලින් කැලඹුණේය; ඔහුගේ කටිසන්ධි බුරුල්වී, ඔහුගේ දණහිස් එකිනෙකට වැදුණේය.
ඈ හිස්ව ශුන්‍යව පාළුව සිටියි. සිත දියවීමද දණහිස් වෙවුලීමද සියලු තුනටිවල රුජාවද තිබේ, ඔවුන් සියල්ලන්ගේ මුහුණුද සුදුමැලිව තිබේ.
ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව.
ඒ නිසා නුඹලා, නුඹලාගේ සිත්වලින් ක්ලාන්තවී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුද්ධව සිටිය පව්කාරයන්ගෙන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනන්වහන්සේ කල්පනාකර බලන්න.
ඇරත් පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතකනැතිකළහුය, ඒ කවරද යත්: මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න;