රූපවලට මෙහෙකරන්නාවූ, පිළිම ගැන පාරට්ටුකරගන්නාවූ සියල්ලෝ ලජ්ජාවෙත්වා. දෙවිවරු සියල්ලෙනි, උන්වහන්සේට නමස්කාරකරව්.
හෙබ්‍රෙව් 1:6 - Sinhala Revised Old Version උන්වහන්සේ තමන්ගේ කුළුඳුල් පුත්‍රයා ලෝකයට නැවත ගෙනෙන කල: දෙවියන්වහන්සේගේ සියලු දූතයෝ උන්වහන්සේට නමස්කාරකරත්වයි කියනසේක. Sinhala New Revised Version උන් වහන්සේ තමන්ගේ කුලුඳුල් පුත්‍රයාණන් ලෝකයට නැවත එවන කල: ‘දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන් වහන්සේට නමස්කාර කරත්වා”යි වදාරන සේක. සිංහල කාලීන පරිවර්තනය එසේම නැවතත්, උන්වහන්සේ තම කුලුඳුලාණන් ලොවට ගෙනෙන කල, මෙසේ පවසන සේක, “දෙවියන්වහන්සේගේ සියලු දූතයින්, උන්වහන්සේට නමස්කාර කරත්වා.” Sinhala New Revised Version 2018 උන් වහන්සේ තමන්ගේ කුලුඳුල් පුත්‍රයාණන් ලෝකයට නැවත එවන කල: ‘දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන් වහන්සේට නමස්කාර කරත්වා”යි වදාරන සේක. |
රූපවලට මෙහෙකරන්නාවූ, පිළිම ගැන පාරට්ටුකරගන්නාවූ සියල්ලෝ ලජ්ජාවෙත්වා. දෙවිවරු සියල්ලෙනි, උන්වහන්සේට නමස්කාරකරව්.
රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.
තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.
කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක.
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.
මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක.
එම්බා ජාතීනි, උන්වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීතිවන්න. මක්නිසාද උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවන්ගේ ලේවලට පළිගනිමින්, තමන් එදිරිකාරයන්ට ප්‍රතිඵල දී, ස්වකීය දේශයටත් සෙනඟටත් ක්ෂමා වනසේක.
උන්වහන්සේ සභාව නමැති ශරීරයට හිසව සිටිනසේක. උන්වහන්සේ පටන්ගැන්මව මළවුන්ගෙන් කුළුඳුලාව සිටිනසේක. එසේව සිටින්නේ උන්වහන්සේම සියල්ලට ප්‍රධානව සිටින පිණිසය.
මක්නිසාද: නුඹ මාගේ පුත්‍රයාය, මම අද නුඹ ජනිතකෙළෙමියි කියාත්, මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේය කියාත්, දේවදූතයන්ගෙන් කවරෙකුට යම් කලක උන්වහන්සේ කීසේක්ද?
එහෙයින් උන්වහන්සේ ලෝකයට එන කල කථාකර: ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම්කර දුන්සේක;
උන්වහන්සේ ස්වර්ගයට ගොස් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටිනසේක; දේවදූතයෝද බලයලත්තෝද පරාක්‍රමධාරීහුද උන්වහන්සේට යටත්කරනලද්දෝ වෙති.
අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය.
විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ,