නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.
සෙකරියා 7:7 - Sinhala Revised Old Version යෙරුසලමෙහිත් ඒ වටකර ඒකේ නුවරවලත් වැසියන් සුවසේ සිටිද්දීද දකුණු දිශාවෙහි සහ පාත රටෙහිත් වැසියන් සිටිද්දීද පළමු අනාගතවක්තෘවරුන් අතින් ස්වාමීන්වහන්සේ ප්‍රකාශකළ වචන මේවා නොවේද කියා කියන්නැයි කීය. Sinhala New Revised Version ජෙරුසලම සෞභාග්‍යයෙන් හා ජනගහණයෙන් පිරී, ඒ නගරය අවට නගර ද දකුණු දිශාව ද පහත පළාත ද ජනාවාස වී තිබුණු කාලයේ දී පවා සමිඳාණන් වහන්සේ කලින් සිටි දිවැසිවරුන් මඟින් කීවේත් මෙය නොවේ දැ යි කියන්න.” Sinhala New Revised Version 2018 ජෙරුසලම සෞභාග්‍යයෙන් හා ජනගහණයෙන් පිරී, ඒ නගරය අවට නගර ද දකුණු දිශාව ද පහත පළාත ද ජනාවාස වී තිබුණු කාලයේ දී පවා සමිඳාණන් වහන්සේ කලින් සිටි දිවැසිවරුන් මඟින් කීවේත් මෙය නොවේ දැ යි කියන්න.” |
නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.
දකුණු දිශාවේ නුවරවල් වසා තිබේ, ඒවා අරින්ට කෙනෙක් නැත. මුළු යූදා රට වාලට ගෙනයනු ලැබීය; සහමුලින්ම ගෙනයනු ලැබීය.
තවද යූදාහි නුවරවලින්ද යෙරුසලම වටකර තැන්වලින්ද බෙන්යමින් දේශයෙන්ද පාතරටින්ද කඳුකරයෙන්ද දකුණු දිශාවෙන්ද මනුෂ්‍යයෝ දවන පූජාද යාගද ආහාර පූජාද කට්ටකුමංචල්ද රැගෙන, ස්තුති පූජාද රැගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන්නෝය.
නුඹ සැපතින් සිටිද්දී නුඹට කථාකෙළෙමි; නාසන්නෙමියි නුඹ කීවෙහිය. මාගේ හඬට කීකරු නොවීම නුඹේ බාල කාලයේ පටන් නුඹේ විධියව තිබුණේය.
මනුෂ්‍යයෝ බෙන්යමින් දේශයෙහිත් යෙරුසලම අසල ස්ථානවලත් යූදාහි නුවරවලත් කඳු රටේ නුවරවලත් පාත රටේ නුවරවලත් දකුණු දිශාවේ නුවරවලත් කෙත් මිලේටගෙන, ඔප්පු අත්සන්කොට, මුද්‍රකර, සාක්ෂිකාරයන් කැඳවාගන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.
කඳු රටේ නුවරවලද පාත රටේ නුවරවලද දකුණු දිශාවේ නුවරවලද බෙන්යමින් දේශයෙහිද යෙරුසලම අසල ස්ථානවලද යූදාහි නුවරවලද බැටළුවන් ගණන්කරන්නාගේ අත් යටින් රැළවල් නැවත යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මමද: අහෝ මා ද්වේෂකරන ඔය පිළිකුල් දෙය නොකරන්නැයි කියන්ට ප්‍රොපේතවරුන් වන මාගේ සියලු සේවකයන් අලුයම් වේලාවේ පටන්ම නුඹලා ළඟට එවුවෙමි.
නුමුත් මා ඔවුන්ට අණකළේ: මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලාද මාගේ සෙනඟ වන්නහුය. නුඹලාට ශුභසිද්ධවන පිණිස මා නුඹලාට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නය යන දේය.
එසේය, ඔව්හු ව්‍යවස්ථාවත් සේනාවල ස්වාමීන්වහන්සේ තමන් ආත්මයෙන් පළමු අනාගතවක්තෘවරුන් අතින් එවූ වචනත් නාසන ලෙස තමුන්ගේ සිත් වජ්‍රයක් මෙන් කරගත්තෝය. එබැවින් මහත් කෝපයක් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණේය.