ගොඩනගන්නෝ ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දමන කල ඉශ්‍රායෙල්හි රජවූ දාවිත්ගේ පිළිවෙළේ හැටියට ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන පිණිස පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇතුවද ආසාප්ගේ පුත්‍රයෝ වන ලෙවීවරු අත්තල් ඇතුවද සිටගත්තෝය.
සෙකරියා 7:3 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව්කරන්ට බෙතෙල්හි වැසියෝ ෂරෙශෙර්ද රෙගෙම්-මෙලෙක්ද ඔවුන්ගේ මිනිසුන්ද ඇරියෝය. Sinhala New Revised Version සර්ව පරාක්‍රම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පූජකයන්ගෙන් ද දිවැසිවරුන්ගෙන් ද මෙසේ ප්‍රශ්න කරන්න ඔවුන්ට නියම විය: “මෙපමණ අවුරුදු ගණනක් තිස්සේ අප කළාක් මෙන් තවදුරටත් හැම පස් වන මාසයේ දී ම වැලපෙමින් උපවාස පැවැත්වීම අප කරගෙන යා යුතු ද?” Sinhala New Revised Version 2018 සර්ව පරාක්‍රම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පූජකයන්ගෙන් ද දිවැසිවරුන්ගෙන් ද මෙසේ ප්‍රශ්න කරන්න ඔවුන්ට නියම විය: “මෙපමණ අවුරුදු ගණනක් තිස්සේ අප කළාක් මෙන් තවදුරටත් හැම පස් වන මාසයේ දී ම වැලපෙමින් උපවාස පැවැත්වීම අප කරගෙන යා යුතු ද?” |
ගොඩනගන්නෝ ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දමන කල ඉශ්‍රායෙල්හි රජවූ දාවිත්ගේ පිළිවෙළේ හැටියට ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන පිණිස පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇතුවද ආසාප්ගේ පුත්‍රයෝ වන ලෙවීවරු අත්තල් ඇතුවද සිටගත්තෝය.
මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. නුඹ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් නුඹ එපාකරන්නෙමි. නුඹ නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් නුඹේ දරුවන් මතක නැතිකරන්නෙමි.
ස්වාමීන්වහන්සේගේ සේවකවූ පූජකයෝ ද්වාරමණ්ඩපය සහ පූජාසනය අතරෙහි සිට අඬමින්: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟට කරුණාකළ මැනව, ඔවුන් කෙරෙහි ජාතීන් විසින් ආණ්ඩුකරන හැටියට ඔබගේ උරුමය නින්දාවට පාවා නුදුන මැනව. ඔවුන්ගේ දෙවියන්වහන්සේ කොතනදැයි ජනයන් අතරේ මක්නිසා කියනු ලබන්නේදැයි කියත්වා.
නුඹ දේශයේ මුළු සෙනඟටත් පූජකයන්ටත් කථාකරමින්–නුඹලා දැන් සැත්තෑ අවුරුද්දක් පස්වෙනි සහ හත්වෙනි මාසවල නිරාහාරව සිට විලාපකියද්දී නුඹලා නිරාහාරව සිටියේ මා උදෙසාද?
හතරවෙනි මාසයේ උපවාසයත් පස්වෙනි මාසයේ උපවාසයත් සත්වෙනි මාසයේ උපවාසයත් දසවෙනි මාසයේ උපවාසයත් යූදා වංශයට ප්‍රීති සන්තෝෂ ප්‍රස්තාවල්ද ප්‍රසන්නවූ මංගල්‍යවල්ද වන්නේය; එබැවින් සැබෑකමටත් සමාදානයටත් ප්‍රේමවෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය.
යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මගුල් ගෙදර අය සමඟ මනමාලයා සිටින තුරු ඔවුන්ට ශෝකවන්ට පුළුවන්ද? නුමුත් මනමාලයා ඔවුන්ගෙන් අහක්කරනු ලබන දවස් පැමිණෙන්නේය, එකල ඔවුන් නිරාහාරව සිටිනවා ඇත.
යාච්ඤාවේ යෙදීසිටීම පිණිස, දෙදෙනාගේ කැමැත්ත ඇතුව, කලකට වෙන්ව සිටිනවා මිස, නැත්නම් වෙන්ව නොසිටින්න. එසේ කළොත් නුඹලාගේ කාම ආශාව මැඩපවත්වාගන්ට බැරි නිසා, සාතන් නුඹලා පරීක්ෂා නොකරන පිණිස නැවත එක්වෙන්න.
ඔව්හු යාකොබ්ට ඔබගේ විනිශ්චයන්ද ඉශ්‍රායෙල්ට ඔබගේ ව්‍යවස්ථාවද උගන්වන්නෝය. ඔබ ඉදිරියෙහි සුවඳ දුම්ද ඔබගේ පූජාසන මතුයෙහි මුළු දවන පූජාවද තබන්නෝය.