මාගේ ගොදුරු බිමේ බැටළුවන් නැතිකරන්නාවූ විසුරුවාදමන්නාවූ එඬේරුන්ට දුක්වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
සෙකරියා 11:15 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ නැවත අඥාන එඬේරෙකුගේ ආයුධ අරගන්න. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ නැවතත් පලක් නැති එඬේරෙකුගේ උපකරණ අරගන්න. Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ නැවතත් පලක් නැති එඬේරෙකුගේ උපකරණ අරගන්න. |
මාගේ ගොදුරු බිමේ බැටළුවන් නැතිකරන්නාවූ විසුරුවාදමන්නාවූ එඬේරුන්ට දුක්වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය; ඔව්හු නුඹේ වහල්කම පහකිරීමට නුඹේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කීම්ද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද නුඹට දැන්නුවෝය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–කිසිවක් නොදැක, තමුන්ගේම ආත්මය පස්සේ යන්නාවූ මෝඩවූ අනාගතවක්තෘවරුන්ට දුක්වේ!
රැළ අත්හරින්නාවූ නොවටිනා එඬේරාට දුක් වන්නේය! ඔහුගේ හස්තයටත් දකුණු ඇසටත් විරුද්ධව කඩුවක් පැමිණෙන්නේය. ඔහුගේ හස්තය වේළීයන්නේය, ඔහුගේ දකුණැසද අන්ධවන්නේයයි කීසේක.
ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇතැයි කීසේක.