මාගේ ඔඩොක්කුව ගසාදමා කථාකොට: මේ කීම ඉෂ්ට නොකරන කවුරු නුමුත් තම තමාගේ ගෙයිනුත් වැඩපළවලිනුත් දෙවියන්වහන්සේ මෙසේ ගසාදමනසේක්වා; ඔහු මෙසේ ගසාදමනු ලැබ හිස්වේවායි කීවේය. එවිට මුළු සභාව: ආමෙන් කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළාහ. සෙනඟ මේ කීමේ හැටියට කළෝය.
ලූක් 9:5 - Sinhala Revised Old Version නුඹලා පිළිනොගන්න යම් පමණ දෙනෙක් ඇද්ද නුඹලා ඒ නුවරින් පිටත්ව යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂි පිණිස නුඹලාගේ පාදවල ධූලි ගසාදමන්නැයි කීසේක. Sinhala New Revised Version ඔබ නොපිළිගන්නා යම් පමණ දෙනෙක් ඇද්ද, ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, ඔබේ පාද යට තිබෙන ධූලි ගසා දමන්නැ”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය යම් තැනකදී ඔබ නො පිළිගැනේ නම්, ඒ නුවරින් පිටත්ව යන කල, ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වශයෙන් ඔබේ පා දූලි ගසා දමන්නැ” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 ඔබ නොපිළිගන්නා යම් පමණ දෙනෙක් ඇද්ද, ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, ඔබේ පාද යට තිබෙන ධූලි ගසා දමන්නැ”යි වදාළ සේක. |
මාගේ ඔඩොක්කුව ගසාදමා කථාකොට: මේ කීම ඉෂ්ට නොකරන කවුරු නුමුත් තම තමාගේ ගෙයිනුත් වැඩපළවලිනුත් දෙවියන්වහන්සේ මෙසේ ගසාදමනසේක්වා; ඔහු මෙසේ ගසාදමනු ලැබ හිස්වේවායි කීවේය. එවිට මුළු සභාව: ආමෙන් කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළාහ. සෙනඟ මේ කීමේ හැටියට කළෝය.
ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත.
යම් තැනකදී ඔවුන් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, එතැනින් පිටත්ව යන කල ඔවුන්ට සාක්ෂියක් පිණිස නුඹලාගේ පාද යට තිබෙන ධූලි ගසාදමන්නැයි කීසේක.
මෙබඳු කුඩා දරුවන්ගෙන් එක්කෙනෙකු මාගේ නාමයෙන් පිළිගන්නාවු කවරෙක් නුමුත් මා පිළිගන්නේය. මා පිළිගන්න කවරෙක් නුමුත් මා පිළිගන්නවා නොව මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේයයි ඔවුන්ට කීසේක.
නුඹලාගේ වචන අසන්නා මාගේ වචන අසයි; නුඹලා එපාකරන්නා මා එපාකරයි; මා එපාකරන්නා මා එවූ තැනන්වහන්සේ එපාකරන්නේයයි කීසේක.
කාටවත් එය නොකියන්ට උන්වහන්සේ ඔහුට අණකොට: නුඹ ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ දේවල් ඔවුන්ට සාක්ෂි පිණිස නුඹේ පවිත්‍රවීම සඳහා ඔප්පුකරන්නැයි කීසේක.
යමෙක් මාගේ නාමයෙන් මේ කුඩා ළමයා පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය. යමෙක් මා පිළිගන්නේද ඔහු මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේය. කුමක් හෙයින්ද නුඹලා සියල්ලන් අතරෙහි ඉතා කුඩා අයම උතුම්යයි ඔවුන්ට කීසේක.
එහෙත් ඔවුන් විරුද්ධව සිට අපහාසකළ කල්හි, ඔහු තමාගේ වස්ත්‍ර ගසාදමා, ඔවුන්ට කථාකොට: නුඹලාගේ ලේ නුඹලාගේම හිස් පිට වේවා; මම නිදොස්වෙමි. මෙතැන් පටන් අන්‍යජාතීන් ළඟට යමියි කීවේය.