ලූක් 7:20 - Sinhala Revised Old Version ඒ මනුෂ්‍යයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් වෙනකෙනෙකු බලා සිටිය යුතුදැයි අහන පිණිස යොහන් බව්තීස්ත අප ඔබ වෙතට එවුවේයයි කීවෝය. Sinhala New Revised Version ඔව්හු උන් වහන්සේ වෙත පැමිණ, “ ‘වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ’යි විමසනු වස් ස්නාවක ජොහන් අප ඔබ වෙත එවී ය”යි කී හ. සිංහල කාලීන පරිවර්තනය ඒ මිනිස්සු උන්වහන්සේ වෙත අවුත්, “ ‘එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?’ යි ඔබගෙන් අසන්නට යොහන් බව්තීස්ත අප එවී යැ” යි කීහ. Sinhala New Revised Version 2018 ඔව්හු උන් වහන්සේ වෙත පැමිණ, “ ‘වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ’යි විමසනු වස් ස්නාවක ජොහන් අප ඔබ වෙත එවී ය”යි කී හ. |
එවිට යොහන් තමාගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා: එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් වෙන කෙනෙකු බලා සිටිය යුතුද කියා අසන්ට ස්වාමීන්වහන්සේ වෙතට ඔවුන් යැවීය.
ඒ පැයේදී උන්වහන්සේ බොහෝ දෙනෙකුගේ රෝගද ව්‍යාධිද සුවකර, දුෂ්ටාත්ම පහකර, නොයෙක් අන්ධයන්ට පෙනීම දුන්සේක.