මම අලුත් සිතක් නුඹලාට දී, අලුත් ආත්මයක් නුඹලා තුළ තබා, නුඹලාගේ මාංසයෙන් ගල් සිත පහකොට, මාංසමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි.
ලූක් 5:38 - Sinhala Revised Old Version නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කළ යුතුය. Sinhala New Revised Version නව මිදියුස වත් කළ යුත්තේ නව බඳුන්වල ම ය. සිංහල කාලීන පරිවර්තනය අලුත් මිදි යුෂ අලුත් සම් මලුවල දැමිය යුතු වෙයි. Sinhala New Revised Version 2018 නව මිදියුස වත් කළ යුත්තේ නව බඳුන්වල ම ය. |
මම අලුත් සිතක් නුඹලාට දී, අලුත් ආත්මයක් නුඹලා තුළ තබා, නුඹලාගේ මාංසයෙන් ගල් සිත පහකොට, මාංසමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි.
අලුත් මුද්‍රික පානය පරණ සම්භාජනවල වත් නොකරති. වත්කළොත් භාජන පැළී, මුද්‍රිකපානය වැගිරී ගොස්, භාජනත් නාස්තිවන්නේය. නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කරති; එවිට දෙවගේම ආරක්ෂාවේයයි කීසේක.
කිසිවෙක් අලුත් මුද්‍රිකපානය පරණ සම්භාජනවල වත් නොකරයි; වත්කළොත් අලුත් මුද්‍රිකපානයෙන් සම්භාජන පැළී, මුද්‍රිකපානය වැගිරී ගොස්, සම්භාජනත් නාස්තිවන්නේය.
තවද පරණ මුද්‍රිකපානය බීවාවූ කිසිවෙක් අලුත් ඒවාට කැමති නොවෙයි. මක්නිසාද: පරණ ඒවා හොඳය කියා ඔහු කියන්නේයයි කීසේක.
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.
ඔව්හු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට ඇත්තාවූ නිදහස්කම ගැන ඔත්තු බලා, අප වහල්කමට පමුණුවන පිණිස රහසින් ඇතුල්වුණෝය.
මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.
සිංහාසනය පිට වැඩහුන් තැනන්වහන්සේ කථාකොට: බලව, සියල්ල අලුත්කරමියි කීසේක. තවද උන්වහන්සේ කථාකොට: ලියන්න. මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑයයි කීසේක.