ඉස්සරහ තිබුණ ද්වාර මණ්ඩපයේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, උස එකසිය විස්සක්ය. එහි ඇතුළත ඔහු පවිත්‍ර රනින් වැසුවේය.
ලූක් 4:9 - Sinhala Revised Old Version එවිට ඔහු උන්වහන්සේ යෙරුසලමට ගෙනගොස්, දේවමාළිගාව මුදුනේ සිටුවා: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් පහතට පනින්න; Sinhala New Revised Version ඉන්පසු ඔහු උන් වහන්සේ ජෙරුසලමට ගෙන ගොස්, දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් පහතට පනින්න. සිංහල කාලීන පරිවර්තනය එවිට ඔහු යෙරුසලමට උන්වහන්සේ ගෙන ගොස්, දේව මාලිග මුදුනේ උන්වහන්සේ සිටුවා, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් බිමට පනින්න; Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු උන් වහන්සේ ජෙරුසලමට ගෙන ගොස්, දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් පහතට පනින්න. |
ඉස්සරහ තිබුණ ද්වාර මණ්ඩපයේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, උස එකසිය විස්සක්ය. එහි ඇතුළත ඔහු පවිත්‍ර රනින් වැසුවේය.
එවිට ස්වාමීන්වහන්සේ: බලව, ඔහු නුඹ අතෙහිය; නුමුත් ඔහුගේ ජීවිතය ඉතුරුකරන්නැයි සාතන්ට කීසේක.
බලව, ඔව්හු මොරගසමින්: දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, ඔබට අපෙන් කම මොකද? කාලයට ප්‍රථමයෙන් අපට වදදෙන්ට ඔබ මෙහි ආසේක්දැයි කීවෝය.
එකල යක්ෂයා උන්වහන්සේට කථාකොට: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල රොටි වෙන්ට අණකළ මැනවයි කීවේය.
අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වේවා.