ලූක් 24:20 - Sinhala Revised Old Version නායක පූජකයෝද අපගේ මුලාදෑනීහුද උන්වහන්සේ මරණයට පාවාදී කුරුසියෙහි ඇණගැසුවෝය. Sinhala New Revised Version නායක පූජකවරු ද අපගේ ප්‍රධානීහු ද උන් වහන්සේ මරණයට නියම කොට කුරුසියෙහි ඇණ ගැසූ හ. සිංහල කාලීන පරිවර්තනය අපේ නායක පූජකයෝ හා පාලකයෝ මරණ දඬුවමට එතුමා පවා දී, කුරුසියේ ඇණ ගැසුවා. Sinhala New Revised Version 2018 නායක පූජකවරු ද අපගේ ප්‍රධානීහු ද උන් වහන්සේ මරණයට නියම කොට කුරුසියෙහි ඇණ ගැසූ හ. |
එහෙත් නායක පූජකයෝද වැඩිමහල්ලෝද බරබ්බස් ඉල්ලන්ටත් යේසුස්වහන්සේ නසන්ටත් සමූහයන් කැමතිකරවාගත්තෝය.
පහන්වූ කෙණෙහිම නායක පූජකයෝ වැඩිමහල්ලන්ද ලියන්නන්ද මුළු මන්ත්‍රණ සභාවද සමඟ මන්ත්‍රණයක් පවත්වා, යේසුස්වහන්සේ බැඳගෙන ගොස් පිලාත්ට භාරදුන්නෝය.
පහන්වූ කෙණෙහිම සෙනඟගේ වැඩිමහල්ලන්ගේ සභාව වන නායක පූජකයෝද ලියන්නෝද රැස්ව, තමුන්ගේ මන්ත්‍රණසභාව අභිමුඛයට උන්වහන්සේ ගෙනගොස්:
දෙවියන්වහන්සේගේ නියමවූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම ලෙස භාරදෙනලදුව, නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා කුරුසියෙහි ඇණගස්වා මැරවුවහුය.
ඒ යුදෙව්වරු වනාහි ස්වාමිවූ යේසුස්වහන්සේද අනාගතවක්තෘවරුන්ද මැරුවෝය, අපත් පන්නාදැම්මෝය; ඔව්හු දෙවියන්වහන්සේ ප්‍රසන්න නොකරති, සියලු මනුෂ්‍යයන්ටද විරුද්ධව සිටිති;