උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා කථාකර කර යන්නාවූ මේ කාරණා මොනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු දුක්ඛිත මුහුණුවලින් යුක්තව නැවතුණෝය.
ලූක් 24:18 - Sinhala Revised Old Version ඔවුන්ගෙන් ක්ලෙයෝපස් නම් එක්කෙනෙක් උන්වහන්සේට උත්තරදෙමින්: මේ දවස්වලදී යෙරුසලමෙහි විදේශීව සිටිමින්, එහි සිදුවූ කාරණා නොදන්නේ නුඹ පමණක්දැයි උන්වහන්සේට කීවේය. Sinhala New Revised Version ඔවුන්ගෙන් ක්ලේයෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්, “මේ දවස්වල ජෙරුසලමෙහි සිදුවූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැ”යි උන් වහන්සේට කී ය. සිංහල කාලීන පරිවර්තනය ඒ දෙදෙනාගෙන් ක්ලියොපස් නැමැත්තා පිළිතුරු දෙමින්, “මේ දවස්වල යෙරුසලමේ සිදුවන දෑ ගැන නො දැන සිටින එකම ආගන්තුකයා ඔබදැ?” යි ඇසී ය. Sinhala New Revised Version 2018 ඔවුන්ගෙන් ක්ලේයෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්, “මේ දවස්වල ජෙරුසලමෙහි සිදුවූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැ”යි උන් වහන්සේට කී ය. |
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා කථාකර කර යන්නාවූ මේ කාරණා මොනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු දුක්ඛිත මුහුණුවලින් යුක්තව නැවතුණෝය.
මොන කාරණාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට කථාකොට: නාසරිය යේසුස්වහන්සේ ගැන කාරණය. උන්වහන්සේ දෙවියන්වහන්සේද මුළු සෙනඟද ඉදිරියෙහි ක්‍රියාවෙහිත් කථාවෙහිත් බලවත්වූ අනාගතවක්තෘ කෙනෙක්ව සිටිසේක.
යේසුස්වහන්සේගේ මෑණියෝද මෑණියන්ගේ සහෝදරීවූ ක්ලෝපාස්ගේ භාර්යාවවූ මරියාද මග්දලායේ මරියාද උන්වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝය.