ලොත් පිටතට ගොස් තමාගේ දූවරුන් සරණ පාවාගත් බෑනාවරුන්ට කථාකරමින්: නැගිට මේ ස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ නුවර විනාශකරන්ට යනසේකැයි කීවේය. එහෙත් ඔහු සරදම්කරන්නෙකු මෙන් තම බෑනාවරුන්ට පෙනුණේය.
ලූක් 24:11 - Sinhala Revised Old Version මේ වචන ඔවුන්ට නිරර්ථක කථාවක් මෙන් පෙනී, ඔව්හු ඔවුන් අවිශ්වාසකළෝය. Sinhala New Revised Version මෙපුවත ඔවුන්ට ප්‍රලාපයක් සේ පෙනී ගියෙන්, ඔව්හු ඔවුන්ගේ කීම විශ්වාස නොකළහ. සිංහල කාලීන පරිවර්තනය එහෙත් ඒ ස්ත්‍රීන් කී දේ ඔවුන් විශ්වාස කළේ නැත. ඒ කියමන් ඔවුන්ට පෙනුණේ හිස් ප්‍රලාප ලෙසිනි. Sinhala New Revised Version 2018 මෙපුවත ඔවුන්ට ප්‍රලාපයක් සේ පෙනී ගියෙන්, ඔව්හු ඔවුන්ගේ කීම විශ්වාස නොකළහ. |
ලොත් පිටතට ගොස් තමාගේ දූවරුන් සරණ පාවාගත් බෑනාවරුන්ට කථාකරමින්: නැගිට මේ ස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ නුවර විනාශකරන්ට යනසේකැයි කීවේය. එහෙත් ඔහු සරදම්කරන්නෙකු මෙන් තම බෑනාවරුන්ට පෙනුණේය.
එවිට රජු අත පිට හේත්තුවී සිටි අධිපති තෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ අහසේ කවුළු සෑදුවත් මේක සිද්ධවිය හැකිදැයි කීවේය. ඒක නුඹේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි ඔහු කීවේය.
මා යාච්ඤාකළ විට උන්වහන්සේ මට උත්තරදුන්නත්, උන්වහන්සේ මාගේ හඬට කන්දුන් බව විශ්වාස නොකරන්නෙමි.
ස්වාමීන්වහන්සේ සියොන් කෙරෙන් වාලට ගෙනයනලද්දවුන් ආපසු ගෙනා කල, අපි හීනයක් දුටුවන් මෙන් වීමුව.
පසුව උන්වහන්සේ එකොළොස්දෙන කෑමට හාන්සිවී සිටියදී ඔවුන්ට පෙනී, නැගුටුණයින් පසු තමන්වහන්සේව දුටු අයව ඔවුන් විශ්වාස නොකළ නිසා, ඔවුන්ගේ විශ්වාසය නැතිකමටත් සිත් දැඩිකමටත් ඔවුන්ට දොස්තැබූසේක.
එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: අඥානයෙනි, අනාගතවක්තෘවරුන් විසින් කියනලද සියල්ල විශ්වාසකරන්ට ප්‍රමාද සිත් ඇත්තෙනි,
ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකර පුදුමව සිටියදී, උන්වහන්සේ ඔවුන්ට කථාකොට: කන්ට යමක් මෙහි නුඹලා ළඟ තිබේදැයි ඇසූසේක.