යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක.
ලූක් 22:40 - Sinhala Revised Old Version උන්වහන්සේ ඒ ස්ථානයට පැමිණ සිටියදී කථාකොට: නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාච්ඤා කරන්නැයි ඔවුන්ට කීසේක. Sinhala New Revised Version උන් වහන්සේ එහි පැමිණි පසු කතා කොට, “ඔබ පරීක්ෂාවට නොවැටෙන ලෙස යාච්ඤා කරන්නැ”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය එතැනට පැමිණි උන්වහන්සේ, ගෝලයින් අමතා, “පරීක්ෂාවට නො වැටෙන පිණිස යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේ එහි පැමිණි පසු කතා කොට, “ඔබ පරීක්ෂාවට නොවැටෙන ලෙස යාච්ඤා කරන්නැ”යි වදාළ සේක. |
යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක.
ඔබගේ වාක්‍ය මාර්ගයෙහි මාගේ පාද හැසිරෙවුව මැනව; කිසි අයුත්තකට මා කෙරෙහි බල පවත්වන්ට ඉඩ නුදුන මැනව.
එඩිතරව පව්කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැලැක්වුව මැනව; ඒවා මා කෙරෙහි අධිපතිකම් නොකෙරේවා. එවිට මම නිර්දෝෂ වන්නෙමි, මහත් අපරාධයෙන් නිදොස්වන්නෙමි.
අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව මැනවයි කියන්නැයි කීසේක.
නුඹලා නිදාඉන්නේ මක්නිසාද? පරීක්ෂාවට නොපැමිණෙන පිණිස නැගිට යාච්ඤාකරන්නැයි ඔවුන්ට කීසේක.
නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.
මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි.