ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 16:6 - Sinhala Revised Old Version

තෙල් බාත් සියයකැයි ඔහු කීවේය. ඔහු කථාකොට: නුඹේ ගණන් පත්‍රය රැගෙන වහාම ඉඳගෙන, පනසකැයි ලියන්නැයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

‘තෙල් පීප්ප සියයකැ’යි ඔහු කීවේ ය. ගබඩාකාරයා කතා කොට, ‘ඔබේ බිල ගෙන වහා ම හිඳගෙන පණසක් කියා ලියන්නැ’යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“ ‘ඔලීව තෙල් පීප්ප සියයකැ’ යි ඔහු පිළිතුරු දුන්නේ ය. “ඔහු ඇමතූ කළමනාකරු, ‘ඔබේ බිල්පත ගෙන, හනික මෙහෙන් ඉඳගෙන, එය පනහකැයි ලියා ගන්නැ’ යි කීවා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

‘තෙල් පීප්ප සියයකැ’යි ඔහු කීවේ ය. ගබඩාකාරයා කතා කොට, ‘ඔබේ බිල ගෙන වහා ම හිඳගෙන පණසක් කියා ලියන්නැ’යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න



ලූක් 16:6
7 හුවමාරු යොමු  

සවස්වූ කල මිදිවත්තේ ස්වාමියා තමාගේ ගබඩාකාරයාට කථාකොට: වැඩකාරයන් කැඳවා අන්තිමයන්ගෙන් පටන්ගෙන පළමුවෙනියන් දක්වා ඔවුන්ට කුලිය දෙන්නැයි කීවේය.


අනිකෙකුගේ දේ ගැන නුඹලා විශ්වාසව නොසිටියා නම්. නුඹලාගේම දේ නුඹලාට දෙන්නේ කවුද?


මෙසේ ඔහු තමාගේ ස්වාමියාගේ ණයකාරයන් එක එකා බැගින් අඬගස්වා, පළමුවෙනියාට කථාකොට: මාගේ ස්වාමියාට නුඹ කොපමණ ණයදැයි ඇසුවේය.


තවත් කෙනෙකුට: නුඹ කොපමණ ණයදැයි ඇසුවේය. ගෝධුම අමුණු සියයකැයි ඔහු කීවේය. නුඹේ ගණන් පත්‍රය රැගෙන අසූවකැයි ලියන්නැයි ඔහුට කීවේය.


මමත් නුඹලාට කියමි: අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගන්න; එවිට එය පහවයන කල ඔව්හු නුඹලා සදාකාල කූඩාරම්වලට පිළිගන්නවා ඇත.


යුදෙව්වරුන්ගේ පවිත්‍රවීමේ ප්‍රකාරයට එක ඒකේ මෙත්‍රෙ දෙකක් තුනක් පමණ වතුර අල්ලන්නාවූ ගල් භාජන හයක් එහි තබා තිබුණේය.


විරුද්ධවාදිව නොසිට, සොරකම් නොකොට, සියලු ආකාර හොඳ විශ්වාසකම පෙන්වන හැටියටද ඔවුන්ට අවවාදකරන්න.