නුමුත් ඈ කථාකොට: එසේය, ස්වාමිනි, බල්ලෝ පවා උන්ගේ ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබෙලි කතියි කීවාය.
ලූක් 16:21 - Sinhala Revised Old Version ඔහු ධනවතාගේ මේසයෙන් වැටුණු කැබෙලි කන්ට කැමතිවූයේය; එසේය, බල්ලෝ පවා ඇවිත් ඔහුගේ වණ ලෙවුවෝය. Sinhala New Revised Version ඔහු ධනපතියාගේ කෑම මේසයෙන් වැටෙන කැබැලිවලින් වුව ද සාගිනි නිවා ගැනීමට සතුටු විය. බල්ලෝ පවා ඔහුගේ වණ ලෙව කෑවෝ ය. සිංහල කාලීන පරිවර්තනය ධනවතාගේ මේසයෙන් වැටෙන ඉතිරි කැබලි කෑමට ඔහු ආශා කළා. බල්ලෝ පවා අවුත් ඔහුගේ වණ ලෙව කෑවා. Sinhala New Revised Version 2018 ඔහු ධනපතියාගේ කෑම මේසයෙන් වැටෙන කැබැලිවලින් වුව ද සාගිනි නිවා ගැනීමට සතුටු විය. බල්ලෝ පවා ඔහුගේ වණ ලෙව කෑවෝ ය. |
නුමුත් ඈ කථාකොට: එසේය, ස්වාමිනි, බල්ලෝ පවා උන්ගේ ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබෙලි කතියි කීවාය.
එහෙත් ඈ උත්තරදෙමින්: එසේය, ස්වාමිනි. මේසේ යට සිටින බල්ලෝ පවා දරුවන්ගේ කෑම කැබෙලිවලින් ගෙන කතියි උන්වහන්සේට කීවාය.
තවද හිඟන්නා නැසී, දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ළැපැත්තට ගෙනයනලද්දේය. ධනවතාත් නැසී, තැන්පත්කරනලද්දේය.
ඔවුන් තෘප්තියට පැමිණි කල: කිසිවක් නැති නොවන පිණිස ඉතිරිවූ කැබෙලි එකතුකරන්නැයි උන්වහන්සේ තමන් ගෝලයන්ට කීසේක.
මේ පැය දක්වාම ශුධාවද පිපාසායද විඳ, වස්ත්‍ර නැතුව, පහර ලැබ, නියම වාසස්ථානයක් නැතුව සිටිමුව.
වැඩ සහ වෙහෙසීම්වලටද, නොයෙක්විට නිදිමැරීමටද, ක්ෂුධාව සහ පිපාසයටද, නොයෙක්විට නිරාහාරව සිටීමටද, ශීතලයටද, නග්නභාවයටද පැමිණියෙමි.