මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මවුටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත්, එසේය, තමාගේම ජීවිතයටත් ද්වේෂ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්ට බැරිය.
ලූක් 14:33 - Sinhala Revised Old Version එසේම නුඹලා අතරෙහි තමා සන්තක සියල්ලම අත්නාරින කවරෙකුටවත් මාගේ ගෝලයා වෙන්ට බැරිය. ඉඳින් ලුණු හොඳය. Sinhala New Revised Version එමෙන් ම ඔබ අතුරෙන් තමන් සතු සියල්ල අත් නොහරින කිසිවෙකුට මාගේ ශ්‍රාවකයෙකු වන්නට බැරි ය.” සිංහල කාලීන පරිවර්තනය එසේම, තමන් සතු සියලු දේ අත්හරින්නේ නැති කවරකුටවත් මගේ ගෝලයකු වන්නට බැරි ය. Sinhala New Revised Version 2018 එමෙන් ම ඔබ අතුරෙන් තමන් සතු සියල්ල අත් නොහරින කිසිවෙකුට මාගේ ශ්‍රාවකයෙකු වන්නට බැරි ය.” |
මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මවුටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත්, එසේය, තමාගේම ජීවිතයටත් ද්වේෂ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්ට බැරිය.
මක්නිසාද දේමස් මේ ලෝකයට ආලයවී, මා අත්හැර තෙසලෝනිකයට ගියේය. ක්‍රෙස්කෙන්ස් ගලාතියටත් තීතස් දල්මාතියටත් ගියෝය.