ලූක් 14:10 - Sinhala Revised Old Version නුමුත් නුඹ කැඳවනු ලැබූ කල, ගොස් පහත් ස්ථානයෙහි ඉඳගන්න; එවිට නුඹ කැඳවූ තැනැත්තේ ඇවිත්: යහළුව, ඉහළ ඉඩමකට එන්නැයි නුඹට කීවොත්, නුඹ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි නුඹ ගෞරව ලබන්නෙහිය. Sinhala New Revised Version එහෙත්, ඔබ කැඳවනු ලැබූ කල ගොස් පහත් ම ස්ථානයෙහි හිඳගන්න; එවිට ඔබ කැඳවූ තැනැත්තේ අවුත්, ‘මිත්‍රය, ඉහළ තැනකට එන්නැ’යි ඔබට කීවොත් ඔබ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි ඔබ ගෞරව ලබන්නෙහි ය. සිංහල කාලීන පරිවර්තනය එනිසා යමෙක් ඔබ කැඳවූ කල, පහළ අසුනක හිඳගන්න. එවිට ඔබ කැඳවූ තැනැත්තා අවුත්, ‘එන්න සබඳ, මේ මුල් පෙළට එන්නැ’ යි කීවොත් ඔබ සමඟ සිටින සියලු අමුත්තන් ඉදිරියේ ඔබට ගෞරව ලැබෙයි. Sinhala New Revised Version 2018 එහෙත්, ඔබ කැඳවනු ලැබූ කල ගොස් පහත් ම ස්ථානයෙහි හිඳගන්න; එවිට ඔබ කැඳවූ තැනැත්තේ අවුත්, ‘මිත්‍රය, ඉහළ තැනකට එන්නැ’යි ඔබට කීවොත් ඔබ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි ඔබ ගෞරව ලබන්නෙහි ය. |
නුඹට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී නුඹ වෙතට එනවා ඇත; නුඹව සුළුකළ සියල්ලන්ද නුඹේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් නුඹට: ස්වාමීන්වහන්සේගේ නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ සියොන්ය කියාත් කියනවා ඇත.
බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.
සාමුවෙල් කථාකොට: නුඹ සුළු කෙනෙකැයි නුඹම සිතූ නුමුත්, නුඹ ඉශ්‍රායෙල් ගෝත්‍රයන් කෙරෙහි අධිපතිකරනු ලැබුවා නොවේද? ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට නුඹ ආලේප කළසේක;