නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිවන්නේය, නුඹ බස්නාහිර දෙසටද නැගෙනහිර දෙසටද උතුර දෙසටද දකුණු දෙසටද පැතිර යන්නෙහිය. පොළොවේ සියලු ගෝත්‍රයෝ නුඹ සහ නුඹේ වංශය කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය.
ලූක් 13:29 - Sinhala Revised Old Version තවද මනුෂ්‍යයෝ නැගෙනහිරින්ද බස්නාහිරින්ද උතුරෙන්ද දකුණෙන්ද ඇවිත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි හිඳගන්නෝය. Sinhala New Revised Version තවද, මනුෂ්‍යයෝ පෙරදිගින් හා අපරදිගින් ද උතුරු දිගින් හා දකුණු දිගින් ද පැමිණ දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි මංගල භෝජනයට අසුන් ගන්නෝ ය. සිංහල කාලීන පරිවර්තනය නැගෙනහිරින් හා බස්නාහිරින් ද උතුරින් හා දකුණින් ද ජනයා පැමිණ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ මංගල්‍ය භෝජනයට අසුන් ගනු ඇත. Sinhala New Revised Version 2018 තවද, මනුෂ්‍යයෝ පෙරදිගින් හා අපරදිගින් ද උතුරු දිගින් හා දකුණු දිගින් ද පැමිණ දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි මංගල භෝජනයට අසුන් ගන්නෝ ය. |
නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිවන්නේය, නුඹ බස්නාහිර දෙසටද නැගෙනහිර දෙසටද උතුර දෙසටද දකුණු දෙසටද පැතිර යන්නෙහිය. පොළොවේ සියලු ගෝත්‍රයෝ නුඹ සහ නුඹේ වංශය කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය.
මම උතුරු දිසාවට කථාකොට: දෙන්නැයි කියාත්, දකුණු දිසාවට: නවත්වා නොගන්නැයි කියාත්, දුර සිට මාගේ පුත්‍රයන්ද පොළොවේ කෙළවරින් මාගේ දූවරුන්ද,
එසේය, උන්වහන්සේ කථාකොට: යාකොබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරනලද ඉශ්‍රායෙල්වරුන් හැරවීමටත් නුඹ මාගේ සේවකයා වුණාට මදිය. පොළොවේ කෙළවර දක්වා මාගේ ගැළවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එළියක් කොටද දෙන්නෙමියි කියනසේක.
මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පුකරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
තවද නුඹලාට කියමි: නැගෙනහිරින්ද බස්නාහිරින්ද බොහෝ දෙනෙක් ඇවිත්, ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ ස්වර්ගරාජ්‍යයෙහි හිඳගන්නෝය.
එවිට උන්වහන්සේ තමන් දූතයන් යවා, පොළොවේ කෙළවර පටන් අහසේ කෙළවර දක්වා සතර දිගින් තමන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරවනවා ඇත.
බලව, දැන් අන්තිමයෝව සිටින්නාවූ සමහරෙක් ප්‍රථමයෝද දැන් ප්‍රථමයෝව, සිටින්නාවූ සමහරෙක් අන්තිමයෝද වන්නෝයයි කීසේක.
එහෙයින් දෙවියන්වහන්සේගේ මේ ගැළවීම අන්‍යජාතීන්ට යවනලද බව නුඹලාට දැනේවා. ඔවුන්ද ඒක අසනවා ඇතැයි කීවේය.
නුඹලා ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් අහක් නොවී, ඇදහිල්ලේ පිහිට ස්ථිරව සිටින්නහු නම්, එසේ වන්නේය. ඒ ශුභාරංචිය නුඹලා ඇසුවහුය. එය අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය. පාවුල් නම් මම ඒකේ සේවකයෙක් කරනු ලැබීමි.
ඒ ශුභාරංචිය මුළු ලෝකයට මෙන් නුඹලා වෙතටත් පැමිණී තිබේ; නුඹලා එය අසා දෙවියන්වහන්සේගේ කරුණාව සැබෑවෙන් දැනගත් දා පටන් ඒ නුඹලා අතරේ මෙන් මුළු ලෝකයෙහිත් ඵල දරමින් වර්ධනයවන්නේය.