ලූක් 11:35 - Sinhala Revised Old Version එබැවින් නුඹ තුළ තිබෙන එළිය අඳුරු නොවන ලෙස බලාගන්න. Sinhala New Revised Version එබැවින් ඔබ තුළ ඇති එළිය අඳුරු නොවන ලෙස බලාගන්න. සිංහල කාලීන පරිවර්තනය එබැවින් ඔබ තුළ ඇති එළිය අඳුරු නො වන ලෙසට වගබලා ගන්න. Sinhala New Revised Version 2018 එබැවින් ඔබ තුළ ඇති එළිය අඳුරු නොවන ලෙස බලාගන්න. |
තමාම නුවණ ඇත්තෙකැයි සිතන මිනිසෙකු නුඹ දකින්නෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.
ශරීරයේ පහන නම් නුඹේ ඇසය. නුඹේ ඇස පැහැදිලිව තිබෙන විට නුඹේ මුළු ශරීරයත් එළියවන්නේය; නුමුත් එය නරකව තිබෙන විට නුඹේ ශරීරයත් අඳුරුවන්නේය.
ඒ නිසා නුඹේ මුළු ශරීරය එහි අඳුරු තැනක් නැතුව එළියෙන් පිරී තිබේ නම්, පහන දීප්තිමත්ව බැබළීමෙන් නුඹට එළිය දෙන ලෙසම, ඒක සම්පූර්ණයෙන්ම එළියවන්නේයයි කීසේක.
නුමුත් මේවා නැති තැනැත්තේ තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතකනැතිකොට, ළඟ තිබෙන දේ පමණක් බලමින්, අන්ධව සිටියි.
මක්නිසාද ඔව්හු නිෂ්ඵලකමේ මහත් ආඩම්බර වචන කථාකරමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවීයන්නන් මාංසයේ තෘෂ්ණාව වන සල්ලාලකමෙන් ඇදගනිති;
කාලකණ්ණියාද දුක්ඛිතයාද දිළින්දාද අන්ධයාද නග්නව සිටින්නාද නුඹම බව නුඹ නොදැන: මම ධනවත්ය, මට ධනය ඇත්තේය, කිසි දෙයකින් හිඟයක් නැතැයි නුඹ කියන බැවින්,