එවිට ඵරිසිවරු පිටත්ව ගොස්, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණය කළෝය.
යොහන් 7:19 - Sinhala Revised Old Version මෝසෙස් නුඹලාට ව්‍යවස්ථාව දුන්නා නොවේද? එහෙත් නුඹලාගෙන් කිසිවෙක් ව්‍යවස්ථාව නොපවත්වයි. මා මරන්ට සොයන්නේ මක්නිසාදැයි කීසේක. Sinhala New Revised Version “මෝසෙස් ඔබට ව්‍යවස්ථාවලිය දුන්නා නොවේ ද? එහෙත් ඔබගෙන් කිසිවෙක් ව්‍යවස්ථාවලිය නොපිළිපදිති. ඔබ මා මරන්නට සොයන්නේ මන්දැ”යි ඇසූ සේක. සිංහල කාලීන පරිවර්තනය මෝසෙස් ඔබට නීති සංග්‍රහයක් දුන්නේ නැද්ද? එහෙත් ඔබ කිසිවකුත් ඒ නීති පිළිපදින්නේ නැහැ. ඔබ මා මරන්ට හදන්නේ මොකදැ?” යි ඇසූ සේක. Sinhala New Revised Version 2018 “මෝසෙස් ඔබට ව්‍යවස්ථාවලිය දුන්නා නොවේ ද? එහෙත් ඔබගෙන් කිසිවෙක් ව්‍යවස්ථාවලිය නොපිළිපදිති. ඔබ මා මරන්නට සොයන්නේ මන්දැ”යි ඇසූ සේක. |
එවිට ඵරිසිවරු පිටත්ව ගොස්, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණය කළෝය.
නුමුත් ගොවියෝ පුත්‍රයා දැක: මොහු උරුමක්කාරයාය; එන්න, මොහු මරා මොහුගේ උරුමය ගනිමුයයි ඔවුනොවුන් කථාකොට,
නායක පූජකයෝද ලියන්නෝද ඒ අසා, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි සෙවුවෝය. මක්නිසාද උන්වහන්සේගේ ඉගැන්වීම ගැන මුළු සමූහයා විස්මයට පත්වූ බැවින්, ඔව්හු උන්වහන්සේට භයවූවෝය.
ඔවුන්ට කථාකොට–සබත් දවසේදී සුදුසුවන්නේ යහපත කිරීමද නොහොත් නපුර කිරීමද? ප්‍රාණයක් ගැළවීමද නොහොත් නාස්තිකිරීමදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නුමුත් ඔව්හු කථා නොකර සිටියෝය.
ඵරිසිවරු පිටත්ව ගොස් උන්වහන්සේ නසන්නේ කෙසේද කියා උන්වහන්සේට විරුද්ධව හෙරෝදිවරුන් සමඟ එකෙණෙහිම මන්ත්‍රණයකළෝය.
මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.
එබැවින් උන්වහන්සේ සබත් කඩකළා පමණක් නොව, දෙවියන්වහන්සේ තමන්ගේම පියාණෝයයි කියමින්, තමන් දෙවියන්වහන්සේ හා සමාන කරගත් නිසා, යුදෙව්වරු උන්වහන්සේ මරන්ට වඩ වඩා සෙවුවෝය.
පියාණන්වහන්සේ ඉදිරියෙහි මම නුඹලාට වරද තබන්නෙමියි නොසිතන්න. නුඹලාට වරද තබන කෙනෙක් ඇත. එනම් මෝසෙස්ය. නුඹලාගේ බලාපොරොත්තුව තබා තිබෙන්නේ ඔහු කෙරෙහිය.
ඉන්පසු යේසුස්වහන්සේ ගලීලයෙහි සංචාරණයකළසේක. මක්නිසාද යුදෙව්වරු උන්වහන්සේ මරන්ට සෙවූ බැවින් උන්වහන්සේ යුදයෙහි සංචාරණයකරන්ට නොකැමැතිවූසේක.
සීනයි කන්දේදී තමාට කථාකළ දේවදූතයා සමඟද අපගේ පියවරුන් සමඟද කාන්තාරයේ සභාවෙහි සිටියෙත්, අපට දෙන පිණිස ජීවන වාක්‍යයන් ලැබුවෙත් මොහුය.
එසේවී නම් ව්‍යවස්ථාව කිමෙක්ද? ඒක වනාහි පොරොන්දුව ලැබූ ඒ බීජය එන තුරු දේවදූතයන් ලවා මැදහත්කාරයෙකුගේ අතින් නියමකරවනු ලැබ, පසුව අපරාධ නිසා එකතුකරන ලද්දේය.
මක්නිසාද චර්මඡේද්‍යය ලබන්නෝ පවා ව්‍යවස්ථාව නොපවත්වති; නුමුත් නුඹලාගේ මාංසය ගැන ඔවුන් පාරට්ටුකරන පිණිස නුඹලා චර්මඡේද්‍යකරවාගන්ට කැමතිවෙති.
විනිශ්චයේදී මිනිසුන්ගේ තරාතිරම් නොබලා ලොකු කුඩා අයට එක ලෙස කන්දෙන්න; මනුෂ්‍යයන්ට භයනොවෙන්න; මක්නිසාද විනිශ්චය කිරීම දෙවියන්වහන්සේගේය. නුඹලාට අමාරු වැඩිවූ කාරණයක් ඇත්නම් මා ළඟට ගෙනෙන්න, මම ඒක විචාරන්නෙමියි කීයෙමි.