නාසරෙත් නම් නුවරට පැමිණ, එහි වාසයකෙළේය. මෙසේ වූයේ: උන්වහන්සේ නාසරියයෙක්යයි කියනු ලබනසේකැයි අනාගතවක්තෘවරුන් කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.
යොහන් 18:7 - Sinhala Revised Old Version එබැවින් නැවතත් උන්වහන්සේ: නුඹලා කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නාසරිය යේසුස්යයි ඔව්හු කීවෝය. Sinhala New Revised Version යළිත් උන් වහන්සේ, “ඔබ කවරෙකු සොයන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නාසරෙත්හි ජේසුස් ය”යි ඔව්හු කී හ. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ නැවතත්, “කවරකු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නාසරෙත්හි යේසුස්” යැයි ඔවුහු කීහ. Sinhala New Revised Version 2018 යළිත් උන් වහන්සේ, “ඔබ කවරෙකු සොයන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නාසරෙත්හි ජේසුස් ය”යි ඔව්හු කී හ. |
නාසරෙත් නම් නුවරට පැමිණ, එහි වාසයකෙළේය. මෙසේ වූයේ: උන්වහන්සේ නාසරියයෙක්යයි කියනු ලබනසේකැයි අනාගතවක්තෘවරුන් කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.
යේසුස්වහන්සේ තමන් කෙරේ පැමිණෙන්නාවූ සියලු දේ දැන, ඉදිරියට ගොස්: නුඹලා කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක.
යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඒ මමයයි නුඹලාට කීවෙමි. එබැවින්, නුඹලා මා සොයවු නම්, මොවුන් යන්ට හරින්නැයි කීසේක.