යොහන් 17:10 - Sinhala Revised Old Version මා සන්තක සියල්ල ඔබගේය, ඔබ සන්තක සියල්ල මාගේය. මමද ඔවුන් තුළ ගෞරවයට පැමිණ සිටිමි. Sinhala New Revised Version මා සන්තක සියල්ල ඔබගේ ය; ඔබ සන්තක සියල්ල මාගේ ය. ඔවුන් තුළින් මම තේජශ්‍රීයට පැමිණ සිටිමි. සිංහල කාලීන පරිවර්තනය මගේ හැම දෙයක්ම ඔබගේ ය; ඔබගේ හැම දෙයක්ම මගේ ය. ඔවුන් තුළ මම මහිමයට පැමිණ සිටිමි. Sinhala New Revised Version 2018 මා සන්තක සියල්ල ඔබගේ ය; ඔබ සන්තක සියල්ල මාගේ ය. ඔවුන් තුළින් මම තේජශ්‍රීයට පැමිණ සිටිමි. |
නුමුත් යේසුස්වහන්සේ ඒ අසා: ඒ රෝගය මරණය පිණිස නොව එයින් දෙවියන්වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පිණිස දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහායයි කීසේක.
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පැය පැමිණ තිබේ.
පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව නොකරයි.
මෙය එපීසයෙහි විසූ සියලු යුදෙව්වරුන්ටද ග්‍රීක්වරුන්ටද දැනගන්ට ලැබුණේය; ඔවුන් සියල්ලන් කෙරෙහි භයක් පැමුණුණේය, ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයටද ගෞරව පැමුණුණේය.
ඒ හැටියට මම කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, සියලු ආකාරයෙන් නිර්භීතව සිටීමෙන්, මාගේ ශරීරය කරණකොටගෙන, ජීවිතයෙන් වේවා, මරණයෙන් වේවා, නිතරම වාගේ දැනුත් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පැමිණේයයි මාගේ තද බලාපොරොත්තුවක්ද ප්‍රාර්ථනාවක්ද ඇත්තේය.
ඒ තැනැත්තෝ උන්වහන්සේගේ අභිමුඛයෙන්ද උන්වහන්සේගේ බලයේ තේජස ඉදිරියෙන්ද සදාකාල විනාශයේ දඬුවම විඳින්නෝය.
නුඹලා නුඹලාගේ කැඳවීමට සුදුස්සෝයයි අපගේ දෙවියන්වහන්සේ විසින් ඒත්තුගෙන, යහපත්කමේ සියලු ආශාද ඇදහිල්ලේ සියලු ක්‍රියාද ස්වකීය බලයෙන් සම්පූර්ණකරනමෙන් අප නිතරම නුඹලා ගැන යාච්ඤාකරමුව.
නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.