ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 14:5 - Sinhala Revised Old Version

තෝමස්ද: ස්වාමිනි, ඔබ කොතැනට යනසේක්දැයි අපි නොදනිමුව; මාර්ගය දන්නේ කොහොමදැයි උන්වහන්සේට කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තෝමස් කතා කොට, “ස්වාමීනි, ඔබ කොතැනට වඩින සේක් දැ යි අපි නොදනිමු; එසේ නම් මාර්ගය දැනගන්නේ කෙසේ දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

තෝමස් උන්වහන්සේ අමතමින්, “ස්වාමිනි, ඔබ කොතැනක යනවාදැයි අප දන්නේ නෑ; අප මාර්ගය දන්නේ කොහොම දැ” යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තෝමස් කතා කොට, “ස්වාමීනි, ඔබ කොතැනට වඩින සේක් දැ යි අපි නොදනිමු; එසේ නම් මාර්ගය දැනගන්නේ කෙසේ දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න



යොහන් 14:5
10 හුවමාරු යොමු  

පිලිප් සහ බර්තොලොමෙව්ය; තෝමස් සහ සුංගම් අයකරන්නා වන මතෙව්ය; අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ තද්දියස්ය;


උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති පරම්පරාව, කොපමණ කල් නුඹලා සමඟ සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? ඔහු මා ළඟට ගෙනෙන්නැයි කීසේක.


එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: අඥානයෙනි, අනාගතවක්තෘවරුන් විසින් කියනලද සියල්ල විශ්වාසකරන්ට ප්‍රමාද සිත් ඇත්තෙනි,


එහෙයින් දිදිමුස් නම්වූ තෝමස්: අපිත් මුන්වහන්සේ සමඟ නසින පිණිස යමුයයි සහකාර ගෝලයන්ට කීවේය.


මා යන ස්ථානයට මාර්ගය නුඹලා දන්නහුයයි කීසේක.


මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.


නුමුත් දැන් මා එවූ තැනන්වහන්සේ ළඟට යමි; කොතැනට යනසේක්දැයි නුඹලාගෙන් කිසිවෙක් මාගෙන් අසන්නේ නැත.