ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 11:49 - Sinhala Revised Old Version

එවිට ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ ඒ අවුරුද්දට උත්තම පූජකවූ කායාඑස් ඔවුන්ට කියනුයේ: නුඹලා කිසිවක්ම දන්නේ නැත,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ, ඒ අවුරුද්දේ උත්තම පූජකයා වූ කායාපස් කතා කොට,

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔවුන්ගෙන් කෙනකු වූ, ඒ වසරේ උත්තම පූජක නිලය දැරූ කායාපස් කතා කොට, “ඔබ කිසි දෙයක් දන්නේ නැති හැටි;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ, ඒ අවුරුද්දේ උත්තම පූජකයා වූ කායාපස් කතා කොට,

පරිච්ඡේදය බලන්න



යොහන් 11:49
11 හුවමාරු යොමු  

තමාම නුවණ ඇත්තෙකැයි සිතන මිනිසෙකු නුඹ දකින්නෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.


එකල නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද කායාඑස් නම් උත්තම පූජකයාගේ ශාලාවට එකතුව,


තිබේරියස් කායිසර් රාජ්‍යයට පැමිණි පසළොස්වෙනි අවුරුද්දෙහි, දෙවියන්වහන්සේගේ වචනය වනයෙහිදී සෙකරියස්ගේ පුත්‍රවූ යොහන් වෙතට පැමිණියේය.


ඔහු ඒ කීම තමා විසින්ම උපදවා කීවා නොවේය. ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාව සිටි බැවින්, යේසුස්වහන්සේ ඒ ජාතිය උදෙසා මැරෙන බවත්,


උත්තම පූජකයාවූ අන්නස්ද කායාඵස්ද යොහන්ද අලෙක්ෂන්දර්ද උත්තම පූජකයාගේ සියලු නෑයෝද යෙරුසලමෙහි රැස්වී ඔවුන් මැද සිටුවා:


ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාදකරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේ විසින් මෝඩකළා නොවේද?


එසේවී නුමුත් සම්පූර්ණ තැනැත්තන් අතරෙහි අපි ප්‍රඥාව කථාකරමුව. එනම්, මේ ලෝකයේ, නොහොත් මේ ලෝකයේ නැතිවීයන මුලාදෑනීන්ගේ ප්‍රඥාවක් නොව,