ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 11:34 - Sinhala Revised Old Version

ඔහු කොතැන තැබුවහුදැයි ඇසූසේක. ස්වාමීනි, ඇවිත් බැලුව මැනවයි ඔව්හු උන්වහන්සේට කීවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඔහු කොතැන තැන්පත් කළාහු දැ”යි ඇසූ සේක. “ස්වාමීනි, ඇවිත් බැලුව මැනැවැ”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“ඔහු තැන්පත් කළේ කොතැනක දැ?” යි ඇසූ සේක. “එන්න, ඇවිත් බලන්න ස්වාමිනි” යි ඔවුහු උන්වහන්සේට කීවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඔහු කොතැන තැන්පත් කළාහු දැ”යි ඇසූ සේක. “ස්වාමීනි, ඇවිත් බැලුව මැනැවැ”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න



යොහන් 11:34
7 හුවමාරු යොමු  

උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ කී ලෙසම නැගුටුණුසේක. එන්න, ස්වාමීන්වහන්සේ උන් ස්ථානය බලා ඉක්මනින් ගොස්,


මග්දලායේ මරියාද යෝසෙස්ගේ මවුවූ මරියාද උන්වහන්සේ තැබූ ස්ථානය දුටුවෝය.


ඔහු ඔවුන්ට කථාකොට: භීත නොවෙන්න. නුඹලා වනාහි කුරුසියෙහි ඇණගසනලද නාසරිය යේසුස්වහන්සේ සොයන්නහුය. උන්වහන්සේ නැගුටුණුසේක; උන්වහන්සේ මෙහි නැත. මෙන්න, ඔවුන් උන්වහන්සේ තැබූ ස්ථානය!


ඇවිත් බලන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එසේ ඔව්හු ගොස් උන්වහන්සේ සිටින ස්ථානය දැක, එදින උන්වහන්සේ සමඟ නැවතුණෝය. ඒ වේලාව දසවෙනි පැය පමණ විය.


යේසුස්වහන්සේ ඈ අඬනවාත් ඈ සමඟ ආ යුදෙව්වරුන් අඬනවාත් දැක, ආත්මයෙන් සුසුම්ලා, කැලඹී:


යේසුස්වහන්සේ ඇඬූසේක.


එහෙයින් ඈ සීමොන් පේතෘස් ළඟටද යේසුස්වහන්සේ ප්‍රේමකළ අනික් ගෝලයා ළඟටද දුවගොස්: ඔවුන් ස්වාමීන්වහන්සේව සොහොන්ගෙයින් අහක්කොට ගෙනගොස් තිබේ, උන්වහන්සේව කොතැන තැබුවාද කියා අපි නොදනිමුයයි ඔවුන්ට කීවාය.