යොහන් 10:23 - Sinhala Revised Old Version ඒ කාලය ශීත සෘතුවය; යේසුස්වහන්සේ දේවමාළිගාවේ සාලමොන්ගේ ද්වාරමණ්ඩපයේ සක්මන්කරමින් සිටිසේක. Sinhala New Revised Version ඒ ශීත සෘතුව විය. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ දේව මාලිගයේ සලමොන්ගේ මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක. Sinhala New Revised Version 2018 ඒ ශීත සෘතුව විය. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක. |
ඔහු පේතෘස් සහ යොහන් අල්ලාගෙන සිටියදී, මුළු සෙනඟ ඉතා පුදුමව සාලමොන්ගේයයි කියන ද්වාරමණ්ඩපයේ සිටි ඔවුන් වෙතට එක්ව දිවුවෝය.
තවද ප්‍රේරිතයන්ගේ අත්වලින් බොහෝ හාස්කම්ද පුදුම සෙනඟ අතරේ කරනලද්දේය; ඔවුන් සියල්ලෝම එක්සිත්ව සාලමොන්ගේ ද්වාරමණ්ඩපයෙහි සිටියෝය.