නුමුත් ඔහු පිටත්ව ගොස් ඒ කාරණය බොහෝසෙයින් ප්‍රසිද්ධකරන්ටත් පතළකරන්ටත් පටන් ගත්තේය. ඒ නිසා යේසුස්වහන්සේ ප්‍රසිද්ධයෙන් නුවරකට තවත් ඇතුල්වන්ට නොහැකිව, වනාන්තර ස්ථානවල පිටත සිටිසේක. මනුෂ්‍යයෝ සියලු දිශාවලින් උන්වහන්සේ වෙතට ආවෝය.
මාක් 3:20 - Sinhala Revised Old Version ඔවුන්ට කෑම කන්ට පමණවත් අවකාශ නැතිවන තරමට සමූහයා නැවත රැස්වුණෝය. Sinhala New Revised Version උන් වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්න වත් අවකාශ නැති වන තරමට සමූහයක් යළිත් රැස් වූ හ. සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු උන්වහන්සේ නිවසට ගිය සේක. සමූහයා යළි රැස්වූයෙන්, ඔවුන්ට අහර ගැනීමට තරම් වත් ඉඩක් නො ලැබිණි. Sinhala New Revised Version 2018 උන් වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්න වත් අවකාශ නැති වන තරමට සමූහයක් යළිත් රැස් වූ හ. |
නුමුත් ඔහු පිටත්ව ගොස් ඒ කාරණය බොහෝසෙයින් ප්‍රසිද්ධකරන්ටත් පතළකරන්ටත් පටන් ගත්තේය. ඒ නිසා යේසුස්වහන්සේ ප්‍රසිද්ධයෙන් නුවරකට තවත් ඇතුල්වන්ට නොහැකිව, වනාන්තර ස්ථානවල පිටත සිටිසේක. මනුෂ්‍යයෝ සියලු දිශාවලින් උන්වහන්සේ වෙතට ආවෝය.
උන්වහන්සේ දවස් ගණනකට පසු කපර්ණවුමට නැවත ඇතුල්වූ කල, උන්වහන්සේ ගෙයි සිටින බව ආරංචිවිය.
යේසුස්වහන්සේ එයින් අහක්ව තමන් ගෝලයන් සමඟ මුහුද ළඟට ගියසේක. ගලීලයෙන් මහත් සමූහයක්ද උන්වහන්සේ අනුව ගියෝය. යුදයෙන්ද
සමූහයාගෙන් උන්වහන්සේ නොතෙරපෙන පිණිස තමන්ට කුඩා ඔරුවක් සූදානම්ව තිබිය යුතුයයි උන්වහන්සේ ගෝලයන්ට කීසේක.
එවිට උන්වහන්සේ: නුඹලා පමණක් වනාන්තර ස්ථානයකට ඇවිත් ටිකක් පහසු ගන්නැයි ඔවුන්ට කීසේක. මක්නිසාදයත් ඔවුන්ට කෑම කන්ටවත් අවකාශ නැති තරමට එන්නෝ යන්නෝ බොහෝ වූවෝය.
උන්වහන්සේ ගෙට පැමිණි කල උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: ඒ ආත්මය දුරු කරන්ට අපට බැරිවුණේ මක්නිසාදැයි රහසින් උන්වහන්සේගෙන් විචාළෝය.
උන්වහන්සේ ඔවුන් සමඟ බැස ඇවිත් සමභූමියක නැවතී සිටිසේක, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් මහත් සමූහයක්ද උන්වහන්සේගේ වචන අසන්ටත් තමුන්ගේ රෝග සුවකරවාගන්ටත් මුළු යුදය හා යෙරුසලමෙනුත් තීර් හා සීදොන්හි මුහුදුකරෙනුත් ආවාවූ බොහෝ දෙනෙක්ද සිටියෝය;