මාක් 16:2 - Sinhala Revised Old Version සතියේ පළමුවෙනිදා ඉතා උදය ඉර පෑවූ කල සොහොන් ගේ ළඟට ආවෝය. Sinhala New Revised Version ඔව්හු සතියේ පළමු වන දා පාන්දර, හිරු උදා වූ විගස ම, සොහොන් ගේ ළඟට ආහ. සිංහල කාලීන පරිවර්තනය සතියේ පළමු දින උදෙන් හිරු උදාව සමඟ සොහොන් ලෙන වෙත ගිය ඔවුහු, Sinhala New Revised Version 2018 ඔව්හු සතියේ පළමු වන දා පාන්දර, හිරු උදා වූ විගස ම, සොහොන් ගේ ළඟට ආහ. |
සබත් දවස නිමවන්ට ළංව සතියේ පළමුවෙනි දවසට එළිවෙන වේලෙහි, මග්දලායේ මරියාද අනික් මරියාද සොහොන්ගෙය බලන්ට ගියෝය.
සබත් දවස පසුවූ කල මග්දලායේ මරියාද යාකොබ්ගේ මවුවූ මරියාද සලෝමිද ඇවිත් උන්වහන්සේ ආලේපකරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලේට ගෙන,
නුමුත් සතියේ පළමුවෙනිදා ඉතා අලුයම තමුන් විසින් සූදානම්කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ඔව්හු සොහොන් ගෙය ළඟට ගොස්,
සතියේ පළමුවෙනිදා අලුයම් වේලේ, අඳුර තිබියදීම, මග්දලායේ මරියා සොහොන්ගේ ළඟට ගොස්, සොහොන්ගෙයින් ගල අහක්කොට තිබෙන බව දුටුවාය.