එවක් පටන් යේසුස්වහන්සේ, තමන් යෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දේ විඳින්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගුටුවනු ලබන්ටත් ඕනෑ බව ගෝලයන්ට දන්වන්ට පටන්ගත්සේක.
මාක් 14:28 - Sinhala Revised Old Version එසේ වී නුමුත් මම නැගුටුවනු ලැබූ පසු නුඹලාට පෙරටුව ගලීලයට යන්නෙමියි ඔවුන්ට කීසේක. Sinhala New Revised Version කෙසේ වුව ද උත්ථාන කරනු ලැබූ පසු, මම ඔබට පෙරටුව ගලීලයට යන්නෙමි”යි ඔවුන්ට වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 කෙසේ වුව ද උත්ථාන කරනු ලැබූ පසු, මම ඔබට පෙරටුව ගලීලයට යන්නෙමි”යි ඔවුන්ට වදාළ සේක. |
එවක් පටන් යේසුස්වහන්සේ, තමන් යෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දේ විඳින්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගුටුවනු ලබන්ටත් ඕනෑ බව ගෝලයන්ට දන්වන්ට පටන්ගත්සේක.
එකල යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: භය නොවෙන්න, මාගේ සහෝදරයන් ළඟට ගොස්, ගලීලයට පිටත්ව යන්ට ඔවුන්ට කියන්න, එහිදී ඔවුන් මා දකිනවා ඇතැයි කීසේක.
උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණුසේක කියා උන්වහන්සේගේ ගෝලයන්ට කියන්න; උන්වහන්සේ නුඹලාට පළමු ගලීලයට යනසේක; එහිදී නුඹලා උන්වහන්සේ දකින්නහුය. බලන්න, නුඹලාට කීයෙමියි කීවේය.
නුමුත් නුඹලා ගොස්: උන්වහන්සේ නුඹලාට පළමුවෙන් ගලීලයට යනසේකැයි කියාත් උන්වහන්සේ නුඹලාට කී ලෙස එහිදී නුඹලා උන්වහන්සේ දකිනවා ඇත කියාත් උන්වහන්සේගේ ගෝලයන්ටද පේතෘස්ටද කියන්නැයි කීවේය.
ඉන්පසු යේසුස්වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟදී ගෝලයන්ට නැවත ප්‍රකාශවූසේක; උන්වහන්සේ ප්‍රකාශවුණේ මේ ආකාරයෙන්ය.