උන්වහන්සේ මාර්ගයට යද්දී එක්තරා කෙනෙක් දුවගන ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි දණින් හිඳ: යහපත් ආචාරීන්වහන්ස, සදාකාල ජීවනය උරුමකර ගන්නා පිණිස මා විසින් කුමක් කරන්ටදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
මාක් 14:14 - Sinhala Revised Old Version ඔහු පස්සේ ගොස්, ඔහු යම් ගෙදරකට ඇතුල්වන්නේද එහි ස්වාමියාට කථාකොට–මාගේ ගෝලයන් සමඟ මා විසින් පාස්කුව කන මාගේ ආගන්තුක ශාලාව කොතැන්හිදැයි ආචාරීන්වහන්සේ අසනසේකැයි කියන්න. Sinhala New Revised Version ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේ ද ඒ ගෙහිමියාට කතා කොට, ‘මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොයි ද කියා සමිඳාණන් වහන්සේ අසන සේකැ’යි කියන්න. සිංහල කාලීන පරිවර්තනය ඔහු ඇතුළු වන නිවසේ ගෙහිමියාට කතා කොට, ‘මාගේ ගෝලයින් සමඟ පාස්කු භෝජනය වැළඳිය හැකි මාගේ ආගන්තුක ශාලාව කොතැනදැයි ගුරුතුමා අසනවා’ යි කියන්න. Sinhala New Revised Version 2018 ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේ ද ඒ ගෙහිමියාට කතා කොට, ‘මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොයි ද කියා සමිඳාණන් වහන්සේ අසන සේකැ’යි කියන්න. |
උන්වහන්සේ මාර්ගයට යද්දී එක්තරා කෙනෙක් දුවගන ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි දණින් හිඳ: යහපත් ආචාරීන්වහන්ස, සදාකාල ජීවනය උරුමකර ගන්නා පිණිස මා විසින් කුමක් කරන්ටදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
නුඹලා මේක කරන්නේ මක්නිසාදැයි යමෙක් නුඹලාට කියන්නේ නම්, ස්වාමීන්වහන්සේට උගෙන් ඕනෑකමක් තිබේ; උන්වහන්සේ වහාම ඌ ආපසු මෙහි එවනසේකැයි ඔහුට කියන්නැයි ඔවුන්ට කීසේක.
එවිට උන්වහන්සේ තමන් ගෝලයන්ගෙන් දෙදෙනෙකු යවමින් ඔවුන්ට කියනසේක්: නුවරට යන්න, එකල වතුර කළයක් ගෙන යන මනුෂ්‍යයෙක් නුඹලාට සම්බවන්නේය.
එවිට සූදානම්ව පිළියෙළකර තිබෙන මහත් උඩුමහලක් ඔහුම නුඹලාට පෙන්වන්නේය. එහි අපට පිළියෙළකරන්නැයි කීසේක.
ගෙයි ස්වාමියාට කථාකොට: මා විසින් මාගේ ගෝලයන් සමඟ පාස්කුව කන්ට හැකිවූ ආගන්තුක ශාලාව කොතනද කියා ආචාරීන් අසනවායයි කියන්න.
ඈ මෙසේ කියා ගොස් ඇගේ සහෝදරීවූ මරියා රහසින් කැඳවා: ආචාරීන්වහන්සේ ඇවිත් නුඹට අඬගසනසේකැයි කීවාය.
මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.