ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 13:30 - Sinhala Revised Old Version

සැබවක් නුඹලාට කියමි–මේ සියල්ල සිදුවන තෙක් මේ පරම්පරාව පහවනොයන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සැබැවින් ම මම ඔබට කියමි, ඒ සියල්ල සිදු වන තෙක් මේ පරම්පරාව පහ ව නොයන්නේ ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දේ සිදුවන තුරු මේ පරම්පරාව පහව නො යන බවයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සැබැවින් ම මම ඔබට කියමි, ඒ සියල්ල සිදු වන තෙක් මේ පරම්පරාව පහ ව නොයන්නේ ය.

පරිච්ඡේදය බලන්න



මාක් 13:30
7 හුවමාරු යොමු  

සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා ස්වකීය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින තෙක් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි කීසේක.


සැබවක් නුඹලාට කියමි–මේ සියල්ල මේ පරම්පරාව පිටට පැමිණෙන්නේය.


සැබවක් නුඹලාට කියමි–මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය.


එසේම මේ දේ සිද්ධවෙනවා නුඹලා දකින කල උන්වහන්සේ දොරටුව ළඟම බව දැනගන්න.


අහසත් පොළොවත් පහවන්නේය. නුමුත් මාගේ වචන පහනොවන්නේය.


තවද උන්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින තෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි කීසේක.


සැබැවක් නුඹලාට කියමි–සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය.