මම වනාහි පසුතැවිල්ල පිණිස නුඹලා වතුරෙන් බව්තීස්මකරමි. නුමුත් මට පසුව එන තැනැත්තේ මට වඩා බලවත්ය, මම උන්වහන්සේගේ වහන් ගෙනයන්ටවත් නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බව්තීස්මකරනසේක.
මාක් 1:4 - Sinhala Revised Old Version යොහන් ආවේය. ඔහු වනාන්තරයෙහිදී බව්තීස්මකරමින් පව්කමාව පිණිස පසුතැවිල්ලේ බව්තීස්මය ප්‍රකාශකෙළේය. Sinhala New Revised Version එපරිද්දෙන් ස්නාවක ජොහන් තෙමේ ‘පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබිය යුතු ය’යි දේශනා කරමින් පාළුකරයෙහි පහළ විය. සිංහල කාලීන පරිවර්තනය පාළුකරයේ බව්තීස්ම කරමින්, පාප කමාව පිණිස පසුතැවිලිවීමේ බව්තීස්මය දේශනා කරමින් යොහන් බව්තීස්ත පැමිණියේ ය. Sinhala New Revised Version 2018 එපරිද්දෙන් ස්නාවක ජොහන් තෙමේ ‘පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබිය යුතු ය’යි දේශනා කරමින් පාළුකරයෙහි පහළ විය. |
මම වනාහි පසුතැවිල්ල පිණිස නුඹලා වතුරෙන් බව්තීස්මකරමි. නුමුත් මට පසුව එන තැනැත්තේ මට වඩා බලවත්ය, මම උන්වහන්සේගේ වහන් ගෙනයන්ටවත් නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බව්තීස්මකරනසේක.
එවිට මුළු යූදා රටවාසීහුද යෙරුසලමේ සියල්ලෝද ඔහු වෙතට පැමිණ තමුන්ගේ පව් කියාදෙමින් ඔහුගෙන් යොර්දාන් ගඟෙහි බව්තීස්මය ලැබුවෝය.
එනම් අපේ දෙවියන්වහන්සේගේ දයාබරකම කරණකොටගෙන උන්වහන්සේගේ සෙනඟට පව් කමාවීමෙන් ලැබෙන ගැළවීම දන්වන්ට,
යොහන්ද සාලිම් ළඟවූ ඒනොන් යන ස්ථානයෙහි බොහෝ වතුර තිබුණු බැවින් එහි බව්තීස්මකරමින් සිටියේය. මනුෂ්‍යයෝ ඇවිත් බව්තීස්ම කරනු ලැබුවෝය.
එනම් ගලීලය පටන් යුදය මුළුල්ලෙහි පතළාවූ වචනය වන, යොහන් විසින් ප්‍රකාශකරනලද බව්තීස්මයට පසු,
ඉඳින් ප්‍රමාදවෙන්නේ මක්නිසාද? නැගිට උන්වහන්සේගේ නාමයට යාච්ඤාකරමින්, බව්තීස්මය ලැබ, නුඹේ පව් සෝදාදමන්නැයි කීවේය.