එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.
මතෙව් 4:19 - Sinhala Revised Old Version මා පස්සේ එන්න, මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමියි ඔවුන්ට කීසේක. Sinhala New Revised Version “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ ඔවුන් ඇමතූ සේක්, “මා අනුව එන්න, මම ඔබ මිනිසුන් අල්ලන්නන් කරන්නෙමි” යි කී සේක. Sinhala New Revised Version 2018 “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක. |
එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.
යේසුස්වහන්සේද: නුඹ සම්පූර්ණවෙන්ට කැමති නම් ගොස් නුඹ සන්තකදේ විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහිදී නුඹට වස්තු ලැබෙන්නේය. නුඹ මා අනුව යන්ට එන්නැයි ඔහුට කීසේක.
උන්වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදිනසේක්, මසුන් අල්ලන්නන්ව සිටියාවූ සහෝදරයන් දෙදෙනෙක් වන පේතෘස් නම්ලත් සීමොන්ද ඔහුගේ සහෝදරවූ අන්දෘද මුහුදේ දැලක් හෙළනවා දැක:
යේසුස්වහන්සේ එතැනින් යන අතර මතෙව් නම් මනුෂ්‍යයෙක් සුංගම් අයකරන තැන වාඩිවී ඉන්නවා දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය.
උන්වහන්සේ මග යන අතර, අල්පෙවුස්ගේ පුත්‍රවූ ලෙවී සුංගම්පළේ වාඩිවී ඉඳිනු දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය.
මින්පසු උන්වහන්සේ පිටත්ව ගොස් ලෙවී නම් සුංගම් අයකරන්නෙක් සුංගම් පළේ ඉඳගන ඉන්නවා දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක.
උන්වහන්සේ තවත් කෙනෙකුට: මා අනුව එන්නැයි කීසේක. නුමුත් ඔහු: ස්වාමීනි, පළමුකොට ගොස් මාගේ පියාණන් භූමදානකරන්ට මට අවසර දුන මැනවයි කීවේය.
පසුවදා උන්වහන්සේ ගලීලයට පිටත්ව යන්ට අදහස්කොට පිලිප් දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක.
යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරවකරනසේක.
යේසුස්වහන්සේද: මා එන තුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකද? නුඹ මා අනුව එන්නැයි ඔහුට කීසේක.
එසේ වුණාවේ, මම්ම නුඹලාට බරක් නූණෙමි; නුමුත් ප්‍රයෝගකාරයෙක් වූයෙන්, මම වංචාවෙන් නුඹලා අල්ලාගතිමි.