මතෙව් 27:15 - Sinhala Revised Old Version මංගල්‍යයෙහිදී සමූහයා ඉල්ලන එක හිරකාරයෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස්කර දෙන සිරිතක් තිබුණේය. Sinhala New Revised Version මංගල්‍යයේ දී ජනතාව ඉල්ලා සිටින සිරකරුවෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස් කර හරිනු ලැබීමේ සිරිතක් තිබිණි. සිංහල කාලීන පරිවර්තනය ජනයා ඉල්ලන කවුරුන් හෝ එක් සිරකරුවකු, මංගල්‍යය නිමිත්තෙන් ආණ්ඩුකරු නිදහස් කරදෙන සිරිතක් විය. Sinhala New Revised Version 2018 මංගල්‍යයේ දී ජනතාව ඉල්ලා සිටින සිරකරුවෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස් කර හරිනු ලැබීමේ සිරිතක් තිබිණි. |
නුමුත් පේතෘස් දොර ළඟ පිටත සිටියේය. එවිට උත්තම පූජකයා අඳුනන ඒ අනික් ගෝලයා පිටතට ගොස් දොරටුපාලීට කථාකොට, පේතෘස් ඇතුළට ගෙනාවේය.
එකල ඔහු උන්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලබන පිණිස ඔවුන්ට භාරදුන්නේය. එබැවින් ඔව්හු යේසුස්වහන්සේව ගෙනගියෝය.
නුමුත් දෑවුරුද්දක් සම්පූර්ණවූ කල පීලික්ස්ගේ නිලයට පොර්කියුස් පෙස්තුස් පත්කරනලද්දේය; පීලික්ස් වනාහි යුදෙව්වරුන් සතුටුකරනු කැමතිව පාවුල් නිදහස් නොකර ගියේය.
නුමුත් පෙස්තුස් යුදෙව්වරුන් සතුටුකරනු කැමතිව පාවුල්ට උත්තරදෙමින්: නුඹ යෙරුසලමට ගොස් එහිදී මේ කාරණා ගැන මා ඉදිරියෙහි විනිශ්චයකරනු ලබන්ට කැමැත්තෙහිදැයි ඇසුවේය.