මතෙව් 21:25 - Sinhala Revised Old Version යොහන්ගේ බව්තීස්මය වූයේ කොතැනින්ද? ස්වර්ගයෙන්ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන්දැයි ඇසූසේක. ඔව්හු තම තමුන් අතරේ කථාකරගෙන: ස්වර්ගයෙනැයි කියමු නම්, ඔහුව අදහා නොගත්තේ මක්නිසාදැයි අපෙන් අසනවා ඇත. Sinhala New Revised Version බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ජොහන් ලැබුවේ කවරෙකුගෙන් ද? දෙවියන් වහන්සේගෙන් ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන් දැ”යි ඇසූ සේක. ඔව්හු තම තමන් අතර තර්ක කරමින්, “ ‘දෙවියන් වහන්සේගෙන් ය’යි කීවොත්, ‘එසේ නම් ඔබ ජොහන් විශ්වාස නොකෙළේ මන්දැ’යි අපෙන් අසනු ඇත. සිංහල කාලීන පරිවර්තනය යොහන්ගේ බව්තීස්මය කොහෙන් පැමිණි එකක් ද? ස්වර්ගයෙන් ද? නැතිනම් මිනිසාගෙන් දැ?” යි ඇසූ සේක. එවිට ඔවුහු තම තමන් අතරේ සාකච්ඡා කරමින්, “ ‘ස්වර්ගයෙනි’ යි කීවොත්, ‘එසේ නම් ඔබ ඔහු විශ්වාස නො කළේ මන්දැ?’ යි ඔහු අපෙන් අසනු ඇත. Sinhala New Revised Version 2018 බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ජොහන් ලැබුවේ කවරෙකුගෙන් ද? දෙවියන් වහන්සේගෙන් ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන් දැ”යි ඇසූ සේක. ඔව්හු තම තමන් අතර තර්ක කරමින්, “ ‘දෙවියන් වහන්සේගෙන් ය’යි කීවොත්, ‘එසේ නම් ඔබ ජොහන් විශ්වාස නොකෙළේ මන්දැ’යි අපෙන් අසනු ඇත. |
යේසුස්වහන්සේ උත්තරදෙමින්: මමත් නුඹලාගෙන් එක ප්‍රශ්නයක් අසමි-නුඹලා ඒක මට කියන්නහුනම් මමද මේ කාරණා අසවල් බලයෙන් කරමියි නුඹලාට එසේම කියන්නෙමි.
මනුෂ්‍යයන්ගෙනැයි කියමු නම්, යොහන් අනාගතවක්තෘ කෙනෙකු කොට සියල්ලන් විසින් සලකන හෙයින් අපි සමූහයාට භයයයි කියා:
එවිට ඔව්හු තමුන් අතරේ කථාකොට: ස්වර්ගයෙන්යයි කීවොත්, ඔහු අදහා නොගත්තේ මක්නිසාදැයි කියනවා ඇත.
යොහන් උන්වහන්සේ ගැන සාක්ෂිදෙමින්: මට පසුව එන්නාවූ තැනන්වහන්සේ මට පළමුවෙන් සිටි බැවින් මට වඩා උතුම්වී සිටිනසේකැයි මා කීවේ යම් කෙනෙකු ගැනද ඒ මුන්වහන්සේමයයි මොරගසා කීයේය.
උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි.