සර්වපරාක්‍රමයාණන්වහන්සේ නම් අපට සොයා දැනගන්ට බැරි කෙනෙක්ය; උන්වහන්සේ පරාක්‍රමයෙන්ද යුක්තිය හා සම්පූර්ණ ධර්මිෂ්ඨ කමෙන්ද උතුම්ව සිටිනසේක, උන්වහන්සේ පීඩා නොකරනසේක.
විලාප ගී 3:33 - Sinhala Revised Old Version මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කැමැත්තෙන් පීඩා නොකරනසේක, ඔවුන් ශෝකයට නොපමුණුවනසේක. Sinhala New Revised Version මන්ද, එතුමාණෝ මිනිසුන්ට ඕනෑකමින් පීඩා නොකරන සේක. ඔවුන් ශෝකයට නොපමුණුවන සේක. Sinhala New Revised Version 2018 මන්ද, එතුමාණෝ මිනිසුන්ට ඕනෑකමින් පීඩා නොකරන සේක. ඔවුන් ශෝකයට නොපමුණුවන සේක. |
සර්වපරාක්‍රමයාණන්වහන්සේ නම් අපට සොයා දැනගන්ට බැරි කෙනෙක්ය; උන්වහන්සේ පරාක්‍රමයෙන්ද යුක්තිය හා සම්පූර්ණ ධර්මිෂ්ඨ කමෙන්ද උතුම්ව සිටිනසේක, උන්වහන්සේ පීඩා නොකරනසේක.
එසේය, ස්වාමීන්වහන්සේ තමන්ගේ ක්‍රියාව වන තමන්ගේ අපූරු ක්‍රියාව කිරීමටත් තමන්ගේ වැඩය වන තමන්ගේ අපූරු වැඩය ඉෂ්ටකිරීමටත් පෙරාශීම් කන්දේදී මෙන් නැගිටිනසේක, ගිබියොන් මිටියාවතේදී මෙන් කෝපවනසේක.
නසින්නාගේ මරණය ගැන මට කිසි ප්‍රසන්නයක් නැත; එබැවින් හැරී ජීවත්වෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මා ජීවමාන බව සැබෑවා සේම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඉශ්‍රායෙල් වංශය හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ මක්නිසාදැයි ඔවුන්ට කියන්න.