නුමුත් නුඹ සාදාගත් දෙවිවරු කොයිද? නුඹේ විපත්ති කාලයේදී නුඹ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, නුඹේ නුවරවල ගණනට නුඹට දෙවිවරු සිටිති.
විනිශ්චයකාරයෝ 9:38 - Sinhala Revised Old Version එවිට ශෙබුල් ඔහුට කථාකොට: අප විසින් මෙහෙකිරීමට අබිමෙලෙක් කවුදැයි නුඹ කීවාවූ නුඹේ කට දැන් කොහේද? මේ නුඹ විසින් හෙළාදක්නාලද මිනිස්සු නොවෙද්ද? ඉතින් දැන් නුඹ ගොස් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නැයි කීවේය. Sinhala New Revised Version එවිට ශෙබුල් ඔහුට පිළිතුරු දෙමින්, “ ‘අප විසින් සේවය කරනු ලැබීමට අබිමෙලෙක් කවරෙක් දැ’යි කීවාවූ ඔබේ කට දැන් කොහේ ද? මේ ඔබ විසින් හෙළා දකින ලද මිනිස්සු නොවෙත් ද? ඉතින් දැන් ඔබ ඔවුන්ට විරුද්ධ ව ගොස් සටන් කරන්නැ”යි කීවේ ය. Sinhala New Revised Version 2018 එවිට ශෙබුල් ඔහුට පිළිතුරු දෙමින්, “ ‘අප විසින් සේවය කරනු ලැබීමට අබිමෙලෙක් කවරෙක් දැ’යි කීවාවූ ඔබේ කට දැන් කොහේ ද? මේ ඔබ විසින් හෙළා දකින ලද මිනිස්සු නොවෙත් ද? ඉතින් දැන් ඔබ ඔවුන්ට විරුද්ධ ව ගොස් සටන් කරන්නැ”යි කීවේ ය. |
නුමුත් නුඹ සාදාගත් දෙවිවරු කොයිද? නුඹේ විපත්ති කාලයේදී නුඹ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, නුඹේ නුවරවල ගණනට නුඹට දෙවිවරු සිටිති.
ගයල් නැවත කථාකොට: අන්න, සෙනඟක් රටේ උස් පළාතෙන් බැස එනවාය, තවත් කණ්ඩායමක් මෙයොනෙනීම්හි අලෝන ගසට යන මාර්ගයෙන් එනවායයි කීය.
ඔපමණ උඩඟු ලෙස තවත් කථා නොකරන්න; අහංකාරය නුඹලාගේ මුඛවලින් නොනික්මේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල දන්නා දෙවිකෙනෙක්ය, උන්වහන්සේ ක්‍රියාවල් කිරා බලනසේක.