ස්වාමිනි, අපට නොව, අපට නොව, ඔබගේ කරුණාව නිසාත් සැබෑකම නිසාත් ඔබගේ නාමයට ගෞරවය දුන මැනව.
විනිශ්චයකාරයෝ 8:3 - Sinhala Revised Old Version නුඹලා අතට දෙවියන්වහන්සේ මිදියන්හි අධිපතීන්වූ ඔරෙබ්ද ශීබ්ද පාවාදුන්සේක. නුඹලා කළ දේට සමවෙන්ට මට කරන්ට පුළුවන්වුණේ කිමෙක්දැයි ඔවුන්ට කීවේය. ඔහු එසේ කී කල ඔහු කෙරෙහි තිබුණු ඔවුන්ගේ කෝපය සන්සිඳුණේය. Sinhala New Revised Version ඔබ අතට දෙවියන් වහන්සේ මිදියන්හි අධිපතීන් වන ඔරෙබ් ද ශීබ් ද පාවා දුන් සේක. ඔබ කළ දේට සමාන ව මට කරන්නට හැකි වූයේ කිමෙක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔහු එසේ කී කල ඔහු කෙරෙහි තිබුණ ඔවුන්ගේ කෝපය සංසිඳුණේ ය. Sinhala New Revised Version 2018 ඔබ අතට දෙවියන් වහන්සේ මිදියන්හි අධිපතීන් වන ඔරෙබ් ද ශීබ් ද පාවා දුන් සේක. ඔබ කළ දේට සමාන ව මට කරන්නට හැකි වූයේ කිමෙක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔහු එසේ කී කල ඔහු කෙරෙහි තිබුණ ඔවුන්ගේ කෝපය සංසිඳුණේ ය. |
ස්වාමිනි, අපට නොව, අපට නොව, ඔබගේ කරුණාව නිසාත් සැබෑකම නිසාත් ඔබගේ නාමයට ගෞරවය දුන මැනව.
මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය.
නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.
එහෙයින් අපට දෙනලද අනුග්‍රහය ලෙස වෙන වෙන දීමනා ඇත්තාවූ අපට ලැබුණේ අනාගතකීම නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණයට අනාගත වචන කියමු.
පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.
ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා කළ දේ බැලුවාම මා කළේ කුමක්ද? අබියෙශෙර්ගේ මුළු මුද්‍රික ඵලදාවට වඩා එප්‍රායිම්ගේ ඉතුරු ඵල හොඳ නොවේද?
ගිඩියොන්ද ඔහු සමඟ සිටි මිනිසුන් තුන්සියයද ක්ලාන්තව සිටි නුමුත් එළවාගනම ගොස් යොර්දානට පැමිණ එගොඩට ගියෝය.